Search This Blog

Wednesday, December 11, 2013

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න...

එක්තරා ආයතනයකට අළුතින් සෙවකයන් පිරිසක් බඳවාගනන්නවා. මෙ සෙවකයන් අතර එක්තරා තරුණියකට තවත් තරුණයෙක් එක්ක එකට වැඩකරන්න සිදුවෙනවා. මේ නිසා මොවුන් දෙදනා හොඳ යහලුවන් බවට පත්වෙනවා. ආයතනයේ සිදුවූ එකතරා සිද්දියකදී මෙම තරුණියගෙ හැසිරීම අනුව, මෙම තරුණිය ඔහුට ආදරය කරනවාදො කියා මෙම තරුණයා තුල සැකයක් පහල වෙනවා. ඉන්පසු මෙම තරුණියගෙ සෑම ක්‍රියාවක්ම ඔහු දකින්නෙ ඇය ඔහුට තියන ආදරය නිසා කරන දෙයක් හැටියට. ඉතින් මෙම තරුණයාත් මෙම තරුණියට ආදරය කරන්න ගන්නවා. තරුණයා දිනක් මෙම තරුණියට තමන්ගෙ සිතෙ පහල වුන අදහස හෙලිකරනවා. නමුත් තරුණිය එය ප්‍රතික්ෂෙප කරනව. ඇය පවසන්නෙ ඔහු ඇයට යහළුවෙක් පමණක් බවත්, ඔහු ගැන එසේ සිතිමට ඇයට නොහැකි බවත්ය. ඉන්පසු මෙම තරුණයා ඇය ගැන එසේ සිතීමට හෙතු වූ කාරනා සියල්ල විස්තර කර දීර්ඝ ලිපියක් ඇයට යවනවා. අවසානයේ ඔහු ඇයගෙන් සමාව අයැද, ඉල්ලිමක් කරනවා. ඒ ඔහු මෙසේ පැවසූ බව අමතක කර, ඔහු සමග පෙර ලෙසම යහළුවෙක් මෙන් සිටිනා ලෙසයි. එයට පිළිතුරු ලෙස ඇය කියාසිටියෙ ඔහු සෑම දෙයක්ම වැරදියට තෙරුම්ගෙන ඇති බවයි. කෙසෙ නමුත් ඇය ඔහුගේ ඉල්ලිමට එකඟ වෙනවා. ඔවුන් පෙර ලෙසම ටික කාලයක් එකට වැඩ කරනවා. තරුණයාගෙ හිතෙ තිබෙන ආදරය, ඔහු තරුණියගෙන් සඟවනවා. ඔහු ඇයට රහසින් ආදරය කරත්, ඇයට කිසිදු අයුරකින් ඔහු ගැන සැකයක් නොසිතිමට වගබලාගන්නවා. නමුත් හිටිහැටියෙම මෙම තරුණිය මෙම තරුණයාව මගහරින්න ගන්නව. ඇය වෙනත් අංශයෙ රැකියාවක් තොරගන්නවා. ඔහු සමඟ කථා කිරීම නවත්වනවා. ඇය එසේ කිරීමට හෙතුවක් ඔහුට හිතාගන්නට බැරිවෙනවා. ඇයගෙන් හෙතුව විමසන්නට නොහැකිව ලතවෙන ඔහු, හිතෙ ඇතිවූ විරහ වේදනාව ගීයකින් මෙසෙ පවසනවා. මෙමෙ ගීතය ගායනා කරන්නෙ අප කවුරුත් හොඳින් හඳුනන අතුල අදිකාරී නම් ගායන ශිල්පියා. " හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න... ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කෝම... සුළග වගේ මා අතහැර දුරක යන්නට... වරද මගේ රත්තරනේ කියලා දෙන්න..... කදුලක් කදුලක් ගානේ පෙම දියකරලා... සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා... අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා... ආදරේ කියාදුන්න ආදරී ඔයා..... දැවුණත් දැවුණත් මියගිය පෙම සිහි කරලා... සුවදක් වත් නෑ මතකයෙ අදනම් ඇදීලා... අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා... ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා....."

Thursday, October 31, 2013

a Rafflecopter giveaway

Tuesday, October 22, 2013

ලංකාව ලෝකයේ බලවත්ම ස්ථානය බවට NASA ආයතනය පිළිගනී

ඇමෙරිකාවේ NASA ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මස යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණි එහි අරමුණ වුයේ පොලව මතුපිට තිබෙන ගුර්ත්වාකර්ශනයබලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළවේ අභ්‍යන්තරව සිදුවෙන වෙනස්කම් අද්‍යනය කිරීමය. මෙම මෙහෙයුම GRACE (Gravity Recovery And Climate Experiment ) ලෙස හැදින්වූ අතර මේ වනතුරු සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.GRACEපොලවට කිලෝමීටර500 ක් ඉහලින් ගමන්කරන මේ චන්ද්‍රිකා යුගල එකම පථයක සමාන්තරව ගමන්කරයි. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර 200 ක් වන අතර එහි ඇති සුක්ෂම විද්‍යුත් උපකරණවලින් චන්ද්‍රිකා අතර දුර කෙස් ගසක පමණ (10 microns) වෙනසක් වුවද මැනීමට සමත්ය. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පහසුකම් වලින් ද සමන්විතය. පොලව මතුපිට ස්ථරය හා අභ්‍යන්තරය ඒකාකාරී නොවේ. විද්ධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයන් ගෙන් යුතුව විවිද අනුපාතයන් වලින් පවතී . එලෙසම පොලවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීමට එකාකාරි නොවේ. එබැවින් පොලවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වේ. මෙය සාමාන්‍ය මිනිසාට බලපාන මුත් එය අපට දැකගැනීමට හෝ මැන ගැනීමට නොහැක . කිලෝමීටර 500 ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගල ටද මෙය බලපායි . එබැවින් පහල ගුරුත්වය අනුව චද්රිකාවේ වේගය අඩුවැඩි වේ. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වේ. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගනයක කිරීම් තුලින් පොලවේ “ගුරුත්ව” සිතියමක් ලබා ගැනීමට හැකිවී තිබේ.gravityමෙය අප දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානය. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සම පාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැයේ සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා ඇත. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුල ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර වලිනි. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර 200ක් පමණ වෙනු ඇත. මෙය මීටර වලින් දැක්වීම ඔබට ගැටළුවක් වෙනු ඇත. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාව ආශ්‍රිත පෙදෙසට නැවක් ගමන් ගනී නම් . එයට මීටර 200 පමණ ඉහලට යාමක් සිදුවේ. සරලව දක්වතොත් අද ලංකාව තිබුනේ තද රතුපාටින් නම්, ඊට අදාල මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර 200 ක් පමණ උසකින් වැඩි විය යුතුය. එනම් පහත රට යටවී උඩරට පමණක් ඉතිරි වෙනු ඇත. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 0.6% කින් පමණ වෙනස්වීමට ඉඩ තිබේ . ලංකාවේ මෙම විශේෂ පිහිටුම මීට වසර තිහ හතළිහකට කලින් ම සිට හදුනාගෙන තිබුණි. ලාංකියන් මේ ගැන වැඩිවශයෙන් දැනුවත් නොසිටි මුත්, අද වනවිට අපට වඩා තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිලිබදව වැඩි උනන්දුවක් දක්වා ඇත. වසර 1956 දී Arthur C. Clarke මහතා ලංකාවට පැමිණ පදිංචිවීම ඉන් එක කරුණක් ය . පෘතුවි පෘෂ්ට්යේ සිට ඇතුලට යනවිට ගුරුත්වය අඩුවේ , එනම් පෘතුවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍යය. නමුත් පීඩන අධිකය. පෘතුවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාව පිහිට්යේ යි කීම නිවැරදිය. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැනසිටි බවට ශාක්ෂි හමුවේ. ත්‍රිපිටකයේ මෙන්ම පුජාවලිය, රාජාවලිය, දඹදෙණි අසන, වන්නි රාජාවලිය හා දොරකොඩ අස්න යන ලේඛණ වල පෘතුවි තලය මත ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා ඇත . එහි බිහිවන ශ්‍රෙෂ්ඨ හා බලවත් මිනිසුන් ලෙස “සියලු බුදුවරුන්” හා සියලු “සක්විති රජවරුන්” දක්වා ඇත. මෙම මධ්ය මණ්ඩලයෙන් භාහිර රටවල් “පරසම්ය දේශ” වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණක් දක්වා ඇත. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාට රට, සින්ධුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලිරට, රෝමය හා ස්පාඤඤය වැනි රටවල් ඇත, ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට ලංකාවය.අපට ආසන්නයේ ඇති විශාලම වස්තුව සද ය. එහිගුරුත්වය පොලවේ ගුරුත්වය වඩා අඩුය. දල වශයෙන් 0.16 ක් වේ. පොලවෙ සිට 384,400 km දුරකින්, අඩු ගුරුත්වයක් ඇති සද , වඩදිය හා බාදිය ඇති කරමින් පොලවට බලපෑම් කරනු ලැබේ. සමහර ස්ථානවල, වඩ හා බා දිය අතර වෙනස අඩි 50 ක් පමණ වෙන බවට සොයාගෙන ඇත. ඒ හා සමාන බලපෑමක් සුර්යයා ගෙන් ද ඇති වේ. සුර්යයාගේ ගුරුත්වය පොලව මෙන් 28 ගුණයකි එනමුත් 149,600,000 km දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සදේ බලපෑම මෙන් අඩකි .සද පොලව වටා යාමට ගතවන කාලය දවස් විසි අටකි එය චන්ද්‍ර මාසය නම් වේ. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුල ඇති තරල මෙන් ම හෝමෝන සහ මිනිස් මොලයේ කිරියාකරිත්වයට ද සද බලපායි . දින විසි අටකට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්තවහරණය මෙයට හොදම නිදසුනයි . පොහොය දවසට මනසේ ක්‍රියාකාරිත්වය වැඩිවන බවට පිළිගැනීමක් ඇත. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩු වේයි විශ්වාසයක් පවතින බැවින් සමහර වෙදදුරන් පොහෝ දින ශල්‍යකරම නොකරති . මෙය බුදු දහමින් තවත් පිලිබිබු වේ. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසාය. එලෙසම මෙලොව පහලවූ උසස්ම මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්තාවන්, පොහොය දින සිදුවීම බොද්ධ සාහිත්‍යයේ ඇතුලත්ය . විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොදින විශේෂ බව සදහන් කරයි . සුර්යක් ග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි . එවිට සූර්යය හා චන්ද්‍රයා එකම රෙඛාවක පිහිටන අතර පොලවේ ගුරුත්වාකර්ශනයට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරමින්. පොලවේ බලය අඩු කරයි. බයිබලය යක්ෂයා ලෙසද, බුදු දහම මාරයා ලෙසද පොලවේ බලය හදුන්වයි. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණය ය. අප කවදාහෝ මරණය ගෙවා, නැවතත් ණය ලබාගනිමින් ඉපදේ. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන් ද පොලවට බැදී සිටි. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකය. ඒවා පොලවට නොහොත් “බ්මට” බරය, දස බිම්බර මාර සෙනග නමින් හදුන්වන්නේ එයය. දැන් මා ඔබෙන් පැනයක් අසමි. පොහොය දිනක දසබිම්බර මාරසෙනග “පසුවෙන්ම” පැරදිය හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද ? නැතහොත් කුමන රටේ වැසියෙකුටද ? බුද්ධත්වය නම් වූ එම ශ්‍රෙෂ්ඨ මානසික තත්වයට පහසුවෙන් ම පත් විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුව ද , මිනිසා ලොව ඇතිවන්නේ. ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසාවෙනි. බුදු වදනේ මෙය ආබස්සර බඹ ලොව ලෙස හදුන්වති. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අසමි. පිටසක්වල ජීවියෙකු හට පෘතුවියට පහසුවෙන් පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන් ද ? නොඑසේ නම් කුමන රටින් ද ? ලෝකයේ පලමු ජීවය ඇතිවන්නට පහසු මොන රටේ ද? ලංකාව තුල බාහිර ලෝක හා සම්බධ විය හැකි සක්විති රජවරු මෙන්ම තාක්ෂණයද තිබු බව අපගේ ඉතිහාසය හා පුරා විද්‍යාව කියාපායි . එහි හොදම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංචනයි. මේ හා සමාන ලාංචන ලොව ඇත්තේ, එකක් ඊජිප්තුවේ හා මැක්සිකෝවේ පමණි. රාවන යනු එවන් සක්විති රජ පරපුරක අවසාන පුරුකය. ලංකාව යනු ඉදිරි අනාගත්දී අඩු ඉන්දන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොදම ස්ථානය බව දැන් ලෝකයේ සම්මත වී කතාබහ වෙමින් පවතී. අනාගතයේ පමණක් නොව අතීතයෙහි පවා එසේ වන්නට ඇත . උස්සන්ගොඩ යනු එවන් ස්ථානයක් බවට ජනමතයක් පවතී . මෙම තත්වය අයහපත් ආකාරයටද බලපායි. මනසේ ක්‍රියාකාරිත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබේ. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ලංකාව, දිවිනසා ගැනීම් වලින් පළමු තැනට පත්වන්නේ එම නිසාය. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දෙවදත්තද සිටියේය. එලෙසම ලාංකිකයන් පාලනය කිරීම අපහසුය. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවේ, යුධ ඇතිවේ. සුර අසුර, රාම රාවන, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕනෑම කෙනෙකුට පෙනී යනු ඇත. ලාංකිකයන් ඇත්තටම දක්ෂ වන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසාය. ලෝකයේ ජනගහන අනුපාතය ගත්කල ලංන්කිකයන් ලොවපුරා ඉහල තනතුරුවල සිටින්නේ එම නිසාය. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන, විදේශ වෙබ් අඩවි කිහිපයකම කතාකරනු දක්නට ලැබේ. මනා කලමනාකරණයක් හරහා ලොව දිවුනුම රට බවට මේ රට පත්කිරීමට මෙන්ම, මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කරගැනීමටත් හැකිවෙනු ඇත. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේය දන්නා බවක් දක්නට නොලැබුණි. ඔවුන් උනන්දු වන්නේ හනුමන් හා සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීනව ප්‍රශ්න ඇතිවන වියාපාරන් කෙරෙහි බව අසන්නට ලැබුණි. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වාදෙනු කැමැත්තෙමි. අද ලෝකයේ බෞද්ධ , මුස්ලිම්, හා කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් ඇත. මෙම ආගම තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්තානය ඇත්තේ ලංකාවේය, විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැදපුදාගත් බව ලියවෙන, ලොව ප්‍රථම මිනිස් වාසය බිහිවූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්තානය තියෙන්නේ අප උපන් හෙළබිම තුලය.
::◘ ◘ ◘ ◘ අපි Aluth wada(අළුත් දේවල්) ◘ ◘ ◘ ◘::

Sunday, September 8, 2013

සිංහලෙන් පික්චර් කමෙන්ට්ස් 476ක්

දැන් facebook එකේ නැගලම යන වැඩේනෙ පික්චර් කමෙන්ට්ස් දාන එක. මෙතන තියෙනවා සිංහල පික්චර් කමෙන්ට්ස් එකතුවක්ම. file එකම download කරගෙනම බලන්නකො..‍‍‍

Download

Friday, August 23, 2013

"පෙනෙන නොපෙනෙන දුරක ඉදන්" ගීතයේ සත්‍ය කතාව


“Penenana Nopenena Duraka Indan” by Athma Liyanage.
Title Penena Nopenena Duraka Idan ( Ayemath Adaren)
Artist/s Athma Liyanage Thilina Ruhunage
Lyrics Rachitha Vakista
Music Thilina Ruhunage
 
 ❀❀❀❀❀❀❀❀❀❀❀ පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව. ❀❀❀❀❀❀❀❀❀❀
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්. එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා. ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’. මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.

ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස.. ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා.. ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ? මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා.. එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..

Thursday, August 15, 2013

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස : නොවිසඳුණු අබිරහස්



1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.



මහාචාර්යවරයා සිසුන් පිරිසක් කැටුව හිමාල කඳුකරයට ගියේ එහි ඇති සුප‍්‍රකට ලෙන් ගැන අධ්‍යයනය කරන්නයි. එකිනෙකට යා වූ මේ ලෙන් පිහිටා ඇත්තේ ‘බයංකාර උලා’ BayanKara-Ula නම් කඳුවළල්ලෙයි. අද මේ ලෙන් හරිම ප‍්‍රසිද්ධයි. ඒත් එදා මේ ගැන වැඩි දෙනෙකු දැන ගෙන සිටියේ නැහැ. ඒ ගැන උනන්දුවක් දැක්වුවේ පුරාවිද්‍යාඥයන් විතරයි. මේ ගවේෂණ කණ්ඩායම ඒ ලෙන්වලට ඇතුළු වෙද්දී ම, ඔවුන් ඒවායේ සුන්දරත්වයෙන් උද්දාමයට පත් වුණා.

එහි සුන්දරත්වය අත්විඳිමින් ටිකෙන් ටික අඳුරු ගුහා තුළට යද්දී හිටිහැටියේ එක් ගුහාවක තිබී සොහොනක් හමුවුණා. ඔවුන් කිසිවෙක් මෙවැන්නක් අපේක්ෂා කළේ නැහැ. විමසිලිමත් වූ ඔවුන් දුටුවා එහි සොහොන් වළවල් කිහිපයක් ඇති බව. ඒවා නිර්මාණය කළේ කවරකු වුවත් ඒවා ඉතා නිවැරදිව එක පෙළට සිටින සේ තනා තිබීම ගැන ගවේෂණ පිරිස පුදුම වුණා.

ඒ සොහොන් ගැබ් පිරික්සද්දී ඒවායේ මළ සිරුරු තැන්පත් කර ඇති බව ඔවුන් දුටුවා. ඒවායින් ඉතිරිව තිබුණේ අස්ථි විතරයි. බැලූ බැල්මට ඒවා මිනිස් අස්ථි ලෙස පෙනුනත් හොඳින් පිරික්සද්දී ඔවුනට තේරුණා ඒවා සාමාන්‍ය මිනිස් අස්ථි නො වන බව. ඒ අස්ථිවල ලක්ෂණ සාමාන්‍ය මිනිසුන්ගේ අස්ථිවලට වඩා වෙනස් වුණා. හැම හිස්කබලක්ම ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍ය හිස්කබලකට වඩා විශාල වූ අතර සිරුරු ප‍්‍රමාණයෙන් කුඩා ඒවා වුණා. පාදවල සහ අත්වල අස්ථි ඉතා සිහින්. ගවේෂණ කණ්ඩායම එම අවස්ථාවේදී සිතුවේ මේ අස්ථි හිමාල අඩවියේ ජීවත් වූ වෙනස් විධියේ මනුෂ්‍ය විශේෂයකට අයත් වෙන්න ඇතැයි කියලයි.



අස්ථි දිගින් දිගට ම පිරික්සද්දී ඒ අයට හමුවුණා, තවත් අමුතු දෙයක්, ඒ ලෙන ඇතුළෙන්. එක් සිසුවෙක් දුටුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා විශාල රවුම් පාෂාණයක්. අනෙක් සිසුන්ටත් එවැනිම තවත් රවුම් පාෂාණ හමුවුණා. ගවේෂණ කණ්ඩායමට හමුවුණු පළමු පාෂාණ තැටියේ විෂ්කම්භය අඟල් නවයක්. ඝනකම අඟලක්. පාෂාණ තැටියේ මැද ඉතා නිවැරදි සමානුපාතික විදියට සිදුරක් කපා තිබුණා. එම සිදුරේ විෂ්කම්භය අඟලක්. මේ පාෂාණ තැටිවල සර්පිලාකාර රූ රටා කොටා තිබුණා. ඒවා රූපාක්ෂර විශේෂයක්. ඒ කියන්නේ සන්නිවේදනයට යොදා ගත් පැරණි සංකේත.

එදා ගවේෂණ කණ්ඩායම විතරක් නොවේ, පසුව විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, විද්වතුන් යනාදී කවුරු කවුරුත් උත්සාහ ගත්තා ඩ්‍රෝපා තැටිවල ලියා ඇති කියවන්න. ඒත් හරිගියේ නැහැ. ඩ්‍රෝපා රූපාක්ෂරවලට යම්තාක් දුරට ආලෝකයක් වැටුණේ ඊට දසක දෙකකට පමණ පසුවයි. 1962 වසරේදි මේ රූපාක්ෂරවලින් කියැවෙන දේ අපට තේරෙන බසකට පරිවර්තනය කරන්න චීන විද්‍යාඥයකු සමත් වුණා. ඔහු ආචාර්ය සුම් උම් නුයි. පාෂාණ තැටිවල ඉතිහාසය ඔහු තේරුම් ගත්තා. ඔහු ඒ ගැන පුදුමයෙන් පුදුමයට පත්වුණා. ඔහු හුඟක් උනන්දු වුණා රූපාක්ෂරවලින් කියන්නේ කුමක්දැයි වටහා ගන්න. ඒත් ඒක ලොකු අභියෝගයක් වුණා. ඊට හේතුව එම රූපාක්ෂර කිසිම විධියකින් අපේ පොත්පත්වල හෝ අප දන්නා වෙනත් භාෂාවක හෝ නොතිබීමයි. ඒ විතරක් නොවේ, එම අක්ෂර ඉතා කුඩායි. ඒවා කියවන්න අණ්වීක්ෂයක් අවශ්‍ය වුණා. ඒවා තැටියේ කොටා තිබුණේ සර්පිලාකාරව කිසියම් රටාවකට අනුවයි.

ආචාර්ය සුම් නුම් නුයි, ඩ්‍රෝපා තැටි පරීක්ෂාවට ලක් කළා. ඔහු ඒවායේ කොටා ඇති රූපාක්ෂරවලින් කියැවෙන දේ එසේත් නැතිනම් ඒවායේ සටහන් වී තිබුණු පණිවුඩ පරිවර්තනය කළා. මේ පාෂාණ අවුරුදු 12,000 ක් පැරණි බව ඒ වන විට තහවුරු වී තිබුණා. ඔහු පරිවර්තනය කළ පණිවුඩය එතරම් පැරණි යුගයකට ගැළපෙන්නේ කොහොමදැයි ඔහු පුදුම වුණා. රූපාක්ෂරවලින් කියැවුණේ අපූරු පිටසක්වළ කතාවක්. විශ්වයේ වෙනත් ලොවකින් ආ ගවේෂණ යානයක් අනතුරට පත් වෙලා හිමාල කඳුකරයේ ‘බයංකාර උලා’ ප‍්‍රදේශයට කඩා වැටුණා. තැටිවල සඳහන් වන විධියට යානයේ සිටි ජීවීන් සාමකාමීයි. ඒත් ඒ කාලයේ එම පළාතේ ජීවත් වූ ‘හන්’ නමැති ගෝති‍්‍රකයන්ට ඔවුන්ව වටහා ගැනීමට නොහැකි වුණා. හන් ගෝති‍්‍රකයන් මුලින් සිතුවේ පිටසක්වළයන් ඔවුන්ගේ සතුරන් කියලයි. ඒ නිසා පිටසක්වළින් පැමිණි ඒ අමුත්තන් කීප දෙනෙකු ම ඔවුන් විසින් මරා දමනු ලැබුවා.

ඩ්‍රෝපා ජීවීන් කෙසේ හෝ හස්ත සංඥා මගින් ‘හන්’ ගෝති‍්‍රකයන්ට කියා දුන්නා ඔවුන් සතුරන් නොවන බව. කල් ගතවෙද්දී හන් ගෝති‍්‍රකයන් විශ්වාස කළා, ඩ්‍රෝපාවරුන් සතුරන් නොවන බව. ඔවුන්ගෙන් නපුරක් සිදු නොවන බව. කඩා වැටුණු යානය හදා ගෙන ආපහු ඔවුන් ආ ලෝකයට යාමට නොහැකි වීම ඩ්‍රෝපාවරුන්ට ගැටලූවක් වුණා. මේ ඩ්‍රෝපාවරුන් කුරුමිට්ටන් පිරිසක්. ඔවුන් ‘හන්’ ගෝති‍්‍රකයන් සමඟ සාමයෙන් ජීවත් වුණා. ඔවුන් හා විවාහ වුණා. මේ ගෝත‍්‍ර දෙකෙන් පැවැත එන්නන් යැයි සැලකෙන ගෝති‍්‍රක පිරිසක් හිමාල කඳුකරයේ ජීවත් වෙතැයි විශ්වාස කරන අය අදත් ඉන්නවා. මේ ගෝති‍්‍රකයන් ප‍්‍රමාණයෙන් අඩි 4 1/2 ක් පමණ වෙනවා. වැඩුණු අයකුගේ බර රාත්තල් 60 ක්. මොවුන්ගේ මුතුන් මිත්තන් ඩ්‍රෝපාවරුන්ද? ඒක දැනගන්න අපට කවදාවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසයි ‘ඩ්‍රෝපා’ පාෂාණ ලෝකයේ ඇති නොවිසඳුණු අබිරහස් ඉහළින් තියෙන්නේ.



හිමාලයේ දී හමු වූ මේ පාෂාණ ‘ඩ්‍රෝපා’ කියා හැඳින්වුණේ අතීතයේ ඩ්‍රෝපා නම් කුඩා ගෝති‍්‍රක පිරිසක් එම ප‍්‍රදේශයේ ජීවත් වූ නිසයි. ඇත්තටම ඩ්‍රෝපා කියන්නේ කවුරුන්ද? ඩ්‍රෝපා Dropa ගෝති‍්‍රකයන්, ‘ඩ්‍රොක් පා’, ‘ඞ්සෝපා’ Dropas, Drok-pa or Dzopa කියා ද හැඳින්වෙනවා. ඔවුන් ගැන විවිධ මත පළ වී තිබෙනවා. සමහරුන් කියන විධියට ඩ්‍රෝපා යනු පිටසක්වළින් ආ කුරුමිටි ජීවීන් විශේෂයක්. ඔවුන් වසර 12,000 කට කලින් චීන-ටිබෙට් දේශසීමාවට ගොඩ බැස තිබෙනවා. ඒත් මේ බව සියයට සියයක්ම ඔප්පු කරන්න සාක්ෂි තවමත් නැහැ. ඇති එකම සාක්ෂිය තමා අසාමාන්‍ය මළ සිරුරු සහ ‘ඩ්‍රෝපා පාෂාණ තැටි’. මෙය විසඳීමේ අභියෝගය විද්‍යාඥයන් ඉදිරියේ තියෙනවා. ඒත් ඇතැම් විද්‍යාඥයන් නම් කියන්නේ මේ සියල්ල ලොකුම ලොකු බොරුවක් විය හැකි බවයි.
උපුටා ගැනීම: මල්කැකුළු.com

බර්මියුඩා හෙවත් යක්‌ෂයාගේ ත්‍රිකෝණය



ලෝකයේ ඇතැම් සිද්ධීන් අබිරහස්‌ ලෙසින් අප අතර පරපුරෙන් පරපුරට ජීවත් වේ. විටෙක මෙම සිද්ධීන් විද්‍යාත්මක ලෙසින් ගලපන්නට වෑයම් කරති. එවිට විද්‍යාත්මක හේතුන් හමුවේ ඇතැම් සිද්ධීන් සනාථ වෙනු ඇත. ඇතැම් සිද්ධීන් එලෙස සහේතුක ලෙසින් සනාථ කරන්නට අපහසු වෙනු ඇත. මෙලෙස විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවය ඔස්‌සේ සනාථ කර ගැනීමට අපහසු සිද්ධීන් මිථ්‍යාවන් එසේත් නැතහොත් නොවිසඳුන අබිරහස්‌ ලෙසින් අප අතර ජීවත් වෙනු ඇත.
බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ සිද්ධියද එවැන්නකි. බර්මියුඩාව ලෙසින් හඳුන්වන්නේ අත්ලාන්තික්‌ සාගරයේ බර්මියුඩාව, ඇමරිකාවේ ෆොලරිඩාව සහ බ්‍රසීලයේ පෝටරිකාව ඇතුලත් ත්‍රිකෝණාකාර බිම් කොටසකි. මෙම ප්‍රදේශය කිලෝමීටර් මිලියන 1.2 ක්‌ විශාලත්වයකින්ද යුක්‌තය. තවත් අදහසකට අනුව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් අදහස්‌ කරන්නේ ෆොලිරිඩා සමුද්‍ර සන්ධිය, බහමා දූපත්, නැගෙනහිර අත්ලාන්තික්‌ සිට ඇසෝර් දක්‌වා ප්‍රදේශය ආවරණය වන කලාපයයි. බර්මියුඩා ත්‍රිකෝණ ලක්‌ෂයන් ලෙස සැලකෙන්නේ මියාම් , ශාන්ත ජුවන් , පෝටරිකෝ හා මධ්‍ය අත්ලාන්තික්‌ දූපත වූ බර්මියුඩාවයි. මෙම කලාපයේ 1945 වර්ෂයේ පටන් අතුරුදන් වී ඇති නැව් සංඛ්‍යාව 250 ක්‌ද, ගුවන්යානා සංඛ්‍යාව 300 ක්‌ද මිනිස්‌ ජීවිත සංඛ්‍යාව 1000 ක්‌ පමණ වේ. ඉතාම අබිරහස්‌ ලෙස සිදුවෙන මෙම අතුරුදන් වීම නිසාම මෙම කලාපය යක්‌ෂයාගේ ත්‍රිකෝණය , යක්‌ෂයාගේ මුහුද ලෙසින් හඳුන්වනු ලැබේ. මෙම කලාපයෙහි වූ අසාමාන්‍ය චුම්බක විෂමතාවය නිසා මේ අන්දමට දිශාව පිළිබඳව ඇති කරන අවුල් සහගත බව ගුවන්යානාවන්ගේ අනතුරට හේතුවන බව මේ ගැන අධ්‍යයනයෙහි යෙදෙන පර්යේෂකයන් සඳහන් කරද්දී ඊට ප්‍රති විරුද්ධ අදහස්‌ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ එසේ නම් මෙම කලාපයට ප්‍රවේශවන සෑම ගුවන්යානාවකටම එම සංසිද්ධිය අදාළ විය යුතු බවයි. නමුත් විටින් විට සිදුවන මෙම අතුරුදන් වීමෙන් පසු ඒවායේ අවශේෂයන් අධි තාක්‌ෂණ පරිලෝකන මගින් හඳුනා ගැනීමට හැකි යුතු බවයි. නමුත් මේසේ අතුරුදන් වුණ එකදු ගුවන්යානාවකවත් නෂ්ටාවහේෂයන් තවමත් හඳුනාගැනීමට කිසිවෙකුදු සමත්ව නැත. අතුරුදන් වීමට පත් සියලුම යානාවන්හි යානය සහ පාලක මැදිරිය අතර වූ සන්නිවේදනයේදී දන්වා සිටින පනිවිඩයද බෙහෙවින් සමානය. සෑම නියමුවෙක්‌ම සඳහන් කරන්නේ මගේ යානය දෙසට අස්‌වාභාවික හැඩයක්‌ සහිත වස්‌තුවක්‌ පැමිණෙන බවයි. තවත් නියමුවන් දැක ඇත්තේ තමාගේ යානය අවට ඇති දූවිලි වලාවකි. අතුරුදන් වෙන සෑම යානාවක්‌ම පාලක මැදිරියට දන්වා සිටි අවසාන පණිවිඩය වූයේ මෙයයි.

බර්මියුඩා ත්‍රිකෝණයේදී සිදු වුන මුල්ම අබිරහස්‌ අතුරුදන් වීම 1945 වර්ෂයේ දෙසැම්බර් 18 වන දින ඇමරිකාවට අයත් T.M.B යානා අටක්‌ එක්‌ වරම අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ වේ. මෙ අනතුරෙන් පසුව ඒ පිළිබඳව සොයන්නට චාල්ස්‌ ටේලර් සමග F.T 87 යානාව පිටත් කරන ලදී. මෙම යානයද එක්‌වරම අතුරුදන් වූ අතර චාල්ස්‌ ටේලර් අවසාන වරට සඳහන් කර ඇත්තේ මගේ යානය දෙසට අස්‌වාභාවික වස්‌තුවක්‌ පැමිනෙනවා. දැන් මගේ යානය මගේ හෛයවීමෙන් ගිලිහි අවසානයිs...... යන්නයි. එතැන් සිට මෙම යානයට සිද්ධ වූයේ කුමක්‌දැයි දැන ගැනීමට නොහැකි විය.1963 අගෝස්‌තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් k.C 135 යානයද මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණයේදී අබිරහස්‌ ලෙසින් අතුරුදන් විය.

ගුවන්යානා පමණක්‌ නොව මෙ කලාපයේ අතුරුදන් වුන නෞකාවන්ගේ තත්වයද එසේය The Marine Sulphur Queen නෞකාව මීටර් 800 ක්‌ දිගැති වූ අතර එය අතුරුදන් වූයේ සිය ගණනක සෙනග සමගය. ටොන් 10,950 ක්‌ බරින් යුක්‌ත වූ U. S Cyclon මගී ප්‍රවාහන නෞකාවද ඉතාම අනපේක්‌ෂිත ලෙසින් මෙම කලාපයේදී අතුරුදන් විය. තවත් වතාවකදී මිනිසුන් හය දෙනෙක්‌ද, බල්ලෙක්‌ සහ ගිරවෙක්‌ද රැගත් ගිය බෝට්‌ටුවක්‌ අතුරුදන් වුවද මනිසුන් හය දෙනා සහ බල්ලා පිළිබඳව කිසිදු කොටසක්‌ හඳුනා ගත නොහැකි වුවද ගිරවා මියගොස්‌ තිබුණේ කම්පනයෙන් බව අනාවරණය විය.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සිදු වෙන මෙම අතුරුදන් වීම පිළිඳව මාධ්‍යයන් තුළ උනන්දුක්‌ ඇති කරන ලද්දේ 1950 වර්ෂයේදී එඩ්වඩ් වෑන් වින්කල් (Edward
Van Vincle) විසින්ය. 1952 වර්ෂයේදී ජෝර්ජ් සෑන්ඩ් විසින් මෙම අතුරුදන් වීම අළලා මාධ්‍යයන්ගේ අවදානය යොමු කරන ලදී. අතුරුදන් වුන Flight 19 ගුවන්යානය ගැන ඔහුගේ අදහස වෙනුවෙන් පිලිතුරු දුන් නාවික හමුදාව සඳහන කළේ අපේ යානය අඟහරු ලෝකයට ඉගිලී ගිය බවයි.1964 වර්ෂයේදී වින්සන්ට්‌ ගැඩ්ඩිගේ අදහස වුයේ බර්මියුඩා ත්‍රිකෝණය අවට වූ මෙම අතුරුදන් වීමේ සිද්ධීන් තුළ කිසියම් අස්‌වාභාවිකත්වයක්‌ තිබෙන බවයි.

ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පුස්‌තකාලයාධිපති ලෝරන්ස්‌ ඩේවිඩ් කුෂ්ගේ අදහස වූයේ මෙම කලාපය ආශ්‍රිත වූ කාලගුණික සිද්ධීන් නිසා මෙම අනතුරු වලට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්‌ථාව ඇති බවයි.නමුත් ඔහුගේ ගැලපීම තුළ වූයේ සාමාන්‍ය කාලගුණ සිද්ධීන් පමණක්‌ නිසා මෙම අදහස පිළිගැනීමට පර්යේෂකයන් එකඟ වූයේ නැත. තවත් අදහසක්‌ අනුව පෙන්වා දෙන්නේ ශතවර්ෂ ගණනාවකට පෙර ගිලී ගිය ඇට්‌ලාන්ට්‌ස්‌ මහාද්විපගත ශිෂ්ටාචාරයේ අවශිsෂ්ට මෙම සිද්ධීන්ට හේතු වෙන බවයි. ඇට්‌ලාන්ටිස්‌ මහාද්විපගත ශිෂ්ටාචාරයේ බිමිනි මාවත නම් වූ ආකෘතිමය පිහිටීමක්‌ බහමා දූපත් වලට අයත් එක්‌ Qදූපතක්‌ බිමිනි ලෙසින් නම් කිරීමේදී කිසියම් සමානතාවයක්‌ ඇති බවයි. මේ අතර පිටසක්‌වල ජීවින් පෘථිවි වැසියන් ග්‍රහනයට පැමිණෙන දොරටුවක්‌ බර්මියුඩා ත්‍රිකෝණය තුළ පිහිටා ඇති බව මෙම සිද්ධිය අබිරහසක්‌ ලෙස දක්‌නට කැමති පිරිස විසින් සඳහන් කර සිටී. බර්මියුඩා ත්‍රිකෝණය අබිරහසක්‌ නොවන තැනටද කරුනු ගෙන හැර දක්‌වන පර්යේෂකයන්ගේ අදහස්‌ මෙසේය.

බර්මියුඩා ත්‍රිකෝණය ඇසුරින් වූ කලාපයේ චුම්බක විෂමතාවයක්‌ ඇත්නම් ඒ ගැන ගුවන් ගමන් කරන්නන් දැනුවත් කිරීම අවශ්‍යයි. නමුත් මෙම කලාපයේ ඇති ගැටලුව නොදන්නා අයෙක්‌ බර්මියුඩා ත්‍රිකෝණයට ප්‍රවේශ වීමෙන් සිදු වන අනතුරු අබිරහස්‌ ලෙස සැලකීමට ඔවුන්ගේ අවසරය නොලැබෙන බව සඳහන් කර සිටී.

නාවික ගමනාගමනයේදී චුම්බක උතුර සහ භුගෝලීය උතුර නිවැරැදිව හඳුනා ගැනීම අවශ්‍යයි. මෙය නාවික ගමනාගමනයේ යෙදෙන්නන් විසින් නිවරැදිව තෝරා බේරා ගත්තද හදිසියේ හෝ ඒ පිළිබඳව නිවැරැදිව තීරණය ගැනීමට අපහසු අවස්‌ථාවන්ද නොමැතිවාම නොවෙයි. එවන් අවස්‌ථාවකදී නැවක්‌ අනතුරට පත් වීම අබිරහසක්‌ ලෙසට ගැලපීම සාධාරණ නොවන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මුහුදු කොල්ලකරුවන් විසින් නැව් මුහුදු බත් කිරීම ගැන බොහෝ කතන්දර අනාදිමත් කාලයක සිට අප අසා ඇත. බටහිර පැසිපික්‌, ඉන්දියන් සාගරයේදී නැව් මුහුදුබත් කරන ලද කොල්ලකරුවන්ගේ සිද්ධීන් තුළ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද එවන් සිද්ධීන් ඇති නොවන්නේ යෑයි සහතික විය නොහැකි නිසා මෙම සිද්ධීන් අබිරහසක්‌ නොවන බවටත් කරුනු ඉදිරිපත් කරනු ලබනවා.

ගල්ෆ් ප්‍රවාහය වැනි දියවැල් මගින්ද නැව් ගමනාගමනයට අතුරු ආන්තරාවන් සිදු වීමට තිබෙන ඉඩ ප්‍රස්‌ථාව ඉහළයි. මෙක්‌සිකෝ සමුද්‍රවංකයෙන් ආරම්භ වි ෆොලරිඩාව හරහා උතුරු අත්ලාන්තික්‌ සාගර කලාපයට ගමන් කරන මෙම දියවැලෙහි පෘෂ්ටික ප්‍රවේගය තත්පරයට මීටර් 2.5 ක්‌ පමණ වේ.

යාන්ත්‍රික දෝෂ මගින්ද නැව් ගමනාගමනයේදී අනතුරු සිදු විමට ප්‍රස්‌ථාවන් ඇත. 1972 වර්ෂයේදී V. A Fog නෞකාව අනතුරට පත් වන්නට හේතු වී ඇත්තේ වාෂ්පශීලි බෙන්සින් සාගර ජලයට මිශ්‍ර වීම නිසාය. මීතේන හයිෙඩ්‍රට මගින් ජලයේ ඝනත්වය අඩු වන විටත් නැව් ගිලෙන්නට ඇති අවස්‌ථාව ඉහළය. ඕස්‌ටේ්‍රලියාව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයන්හිදී ආකෘතින් නිර්මාණය කොට ජලයේ ගිල්වා පෙන්නුම් කළේ පෙන සහිත ජල කලාපයන්හිදී නැව් ගිලා බසින්නට ඇති ශිඝ්‍රතාවය ඉහළ බවයි.

මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණය ඇසුරෙහිදී නැව් සහ ගුවන්යානාවන් අනතුරට පත් වීම විටෙක විද්‍යාත්මක ලෙසින්ද තවත් විටෙක අනෙකුත් සාධක අතරද දෝලනය වෙමින් ලෝකයේ විස්‌තර නොහැකි අබිරහස්‌ ලැයිස්‌තුවට බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලත් කොට ඇත.

- දිවයින-

අභිරහස් ලෙස ගමන් කරන ගල් ඇති ප්‍රශේශයක්.!

imageමේ ප්‍රදේශය තමයි කැලිෆෝනියාවේ මලවුන්ගේ නිම්නය. මේ ප්‍රදේශය ආශ්‍රිතව ලොව පුදුමාකාර නොවිසඳුණු අභිරහස් සැඟව පවතිනවා. ඉන් එකක් තමයි යාත්‍රා කරණ පාශාන පිලිබඳ අභිරහස. මේ ප්‍රදේශයේ ඉතාම අභිරහස් ලෙස ගමන් කරනවා. ඒවා පැමිණි මාර්‍ගය යාර සිය ගනනක් ඝන මඩ තට්‍ටුවක් මත පි‍ටුපසට විහිදීතිබෙනවා. බැලූ බැල්මට නම් පෙනී යන්නේ මේවා කවුරුන් හෝ තල්ලු කරගෙන එන්නට ඇති බවයි. ඒත් මේ ගල් කුට්ටි වලින් සමහර ඒවා මිනිසෙකුට තල්ලු කරන් ඒමට බැරි තරම් බරකින් යුක්තයි. ඒ නිසාම මේ යත්‍රා කරන පාශාන පිලිබඳ කතාව පසුගිය දශක කිහිපය පුරාම කතා බහට ලක් වුනා. මලවුන්ගේ නිම්නයේ මේ ගුප්තමය පාශාන එම නිම්නය පුරාවටම දක්නට ලැබෙනවා. විශේශත්වය වන්නේ එහි මිනිසුන් වාසය නොකරන ප්‍රශේශයෙන් පාශාන හමු වීමයි. මේ නිම්නය ග්‍රීශ්මයේදී වියලි ඉරිතලා ගිය මඩ වලින් පිරී යන අතර සිසිර සෘතුවේදී අයිස් වලින් වැසී පවතිනවා. භූ විද්‍යාඥයන් බොහොමයක් රේස්ට්‍රැක් ප්ලයා නමින් හැඳින්වෙන මේ භූමි ප්‍රදේශයේ සෑම තැනක්ම ගවේශනය කර තිබෙනවා.
මලවුන්ගේ නිම්නය පුරා යාත්‍රා කරන මෙම පාශාන ඉතා සුමට භූමිය මතින් ලිස්සා ගොස් තිබෙන්නේ එය පැමිණි මාර්ගය පි‍ටුපසින් සටහන් කරමින්. සමහර භූ විද්‍යාඥයින් පවසන්නේ මේ ගුප්තමය යාත්‍රික පාශාන මලවුන්ගේ නිම්නය තුල ගමන් කිරීමට එහි මඩ තට්‍ටුව උපයෝගී කරගන්නා බවයි. මඩ තෙත් බවින් යුක්ත වූ විට සහ ගල් කුට්ටි වල කුඩා අයිස් බිඳිති ‍රැඳී තිබෙන විට සුලඟේ උපකාරයෙන් ඒවාට ගමන් කල හැකි බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මේ අදහස මුලුමනින්ම ඇත්තක් ලෙස පිලිගැනීමේ හැකියාවක් නෑ. ග්‍රීස්මයේදී පවා මෙම ගල් කුට්ටි ගමන් කරන අතර ඒ කාලයේදී පාශාන පවා වියලී යන තරමට උශ්නත්වය ඉහල අගයක තිමීට ඊට හේතුවයි. මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන අභිරහස් පාශාන සුමට භූමිය මත ලිස්සා යනවා පමණක් නොව භූමිය යම් තරමකට හෑරීමෙන් සෑදෙන නොගැඹුරු පථයක්ද සාදනු ලබනවා.
මෙම ක්‍රියාවලියේ ඇති තවත් ප්‍රහේලිකාවක් වන්නේ ඒවායේ ගමන් කිරීම ආරම්භයේදීම, ඒවා සියල්ලම පාහේ සමාන්තර දිශාවකට යොමුව පැවතීමයි. වසර ගනන්ක් ගතවන විට එක් එක් පාශාන ඒවාටම අයත් මාර්ගයක ගමන් කර තිබෙන බව පෙනී යනවා. සමහර පාශාන සෘජු රේඛාවක් ලෙස චලනය වී තිබෙනවා. සමහර ඒවා ඕවලාකාර හැඩයක ගමන් කර තිබෙනවා. ඒ අතර තවත් සමහර ඒවා ගමන් කර ඇත්තේ ‍රැලි සහිත මාර්ගයකයි. කිසිම කෙනෙකු මේවා ගමන් කරන ආකාරය දැක නැති අතරම, කිසිවෙකු ඒවා කෙතරම් වේගයකින් ගමන් කරන්නේද යන්න පිලිබඳව දැනුවත් වී නෑ. මේ අභිරහස් පාශාන මලවුන්ගේ නිම්නයේ සමතල භූමි ප්‍රදේශයට පැමිණි විට ගමන් මාර්‍ගය වෙනස් කර තිබෙනවා. මේ නිසා පාශානය පි‍ටුපසින් මාර්ග කීපයක් දක්නට ලැබෙනවා. සමහර පාශාන අනෙක් ඒවාට වඩා වසර පහක් හෝ හයක් පමණ ඉදිරියට ගමන් කර තිබෙනවා. මේ යාත්‍රා කරන පාශාන සෑම වසර දෙකකට හෝ තුනකට පමණක් ගමන් කරන බව පැවසෙනවා. එමෙන්ම ඒවායින් නිර්මානය වන මාර්ගයද වර්ධනය වීමට වසර තුනක් හෝ හතරක් ගත වෙනවා. තවත් වැදගත් කරුනක් වන්නේ මේ පාශාන නිර්මානය වී ඇත්තේ අඩි 850ක් පමණ උසැති උස් පර්වතවල වීමයි. ඒවායේ අඳුරු හුණුගලෙන් මෙම සමහර පාශාන නිර්මානය වී තිබෙනවා. නමුත් සමහර ඒවා යාබද බෑවුම් වල පිහිටි ආග්නේය පාශානයෙන් නිර්මානය වී ඇති බව පෙනී යනවා. පාශාන ගමන් කිරීමෙන් සෑදුනු පථ නිතරම අඩි 10 සිට සිය ගනනක් දක්වාවූ දිගින් දක්නට ලැබෙනවා. සුළු ප්‍රමානයෙන් අඟල් 12ක් පමණ පලළින් යුක්තයි. එමෙන්ම සාමාන්‍යයෙන් 2.51 CM ක් පමණ ගැඹුරින් යුක්ත වෙනවා.
සමහර භූ විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම පාශාන භූමිය මත ගමන් කිරීමට පහත ආකාරයේ විශේෂිත තත්වයන් සමබරව පැවතිය යුතුයි.

  • ජලයෙන් සංතෘප්ත, එහෙත් පිටාර නොගිය මතු පිටක්
  • තුනී මැටි ස්තරයක්
  • ආරම්භක බලයක් ලෙස ඉතා ප්‍රබල සැඩ සුලඟක්
  • පාශාන ගමන් කිරීම සඳහා ප්‍රබල ස්ථාවර සුලඟක්
මේ සියළු තත්ත්ව සමබර වූ විට මේ පාශාන වලට ගමන් කල හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වගේම මේ අභිරහස සඳහා විවිධ මත කිහිපයක්ද ඉදිරිපත් වී තිබෙනවා. ඒත් කිසිවෙකුත් හරි හැටි දැක නැති, කිසිවෙකුට තවමත් නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුනු මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන පාශාන පිලිබඳ සිදුවීම තාමත් පවතින්නේ නොවිසඳුණු අභිරහසක් ලෙසයි.

පෝලන්තයේ පිසාචයන්ගේ සොහොන්

Vampires3පිසාචයන් (Vampires) පිළිබඳ කතිකාවත යළිත් කරළියට බැස තිබේ. ඒ ‍පෝලන්තයේ ඉදිකිරීමේ බිමක සිදු කරන ලද කැණීමකින් ආදි වැම්පරයන්ගේ යැයි විශ්වාස කෙරෙන සොහොනක් පුරාවිද්‍යාඥයින් පිරිසකට හමු වීමත් සමගය. ග්ලිවිස් නගරයෙන් මතු වූ මෙම පිසාච ඇටසැකිලි හතරේ ඇති විශේෂත්වය නම් ගෙලෙන් සිඳලන ලද හිස් සැකිලිවල දෙපා අතර තැන්පත් කොට මිහිදන් කිරීමයි. මළ සිරුරක හිස කඳින් වෙන්කොට මිහිදන් කිරීම මධ්‍යකාලීන යුගයේදී අනුගමනය කෙරුනු සාමාන්‍ය ‍පොදු පිළිවෙතක් වන අතර ඉන් බලා‍පොරොත්තු වන ලද්දේ මියගිය තැනැත්තා මළවුන්ගෙන් නැගිට ‍ලේ උරා බොන පිසාචයකු බවට පත්වීම වැළැක්වීමයි.
මෙම මළසිරුරු හිමි පුද්ගලයන් සැබවින්ම මරණයට පත්වූයේ කෙසේද යන්නට තොරතුරු හෙළි වී නොමැති මුත්, ගෙල සිඳලීමට අමතරව ඒවායේ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් නම් මිහිදන් කිරීමේදී සාමාන්‍යයෙන් සිදු කෙරෙන ආකාරයට ආභරණ වැනි වෙනත් ලෞකික කළමනා ආදිය කිසිවකින් තොරව සිරුරු වළදා තිබිමයි. Vampires2මිහිදන් කිරීම් සිදු වූ වකවානුව නිශ්චිතව කිව නොහැකි නමුත් ඒවා දහසය වන සියවසේදී පමණ සිදු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. කෙසේවුවද මෙයාකාරයේ පිසාච මළසිරුරු හමුවූ ප්‍රථම අවස්ථාව නම් මෙය නොවේ. මීට වසරකට පෙරදීද බල්ගේරියාවේ සොසෝ‍පොල් නුවර වූ ආරාමයක් අසලදී සිදුකෙරුනු කැණීම්වලදී පිසාච ඇටසැකිලි දෙකක් සොයා ගැනුණු අතර බල්ගේරියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රධානියා වන ‘බොසිඩාර් දිමිකේ‍රාව්’ පවසන ආකාරයට ඉකුත් වසර කීපය තුළදී බල්ගේරියාව තුළින් පමණක් සොයා ගනු ලැබූ වැම්පර ඇටසැකිලි ගණන සියය ඉක්මවන අතර මෙලෙස මළ සිරුරුවල හිස කඳින් වෙන් කොට මිහිදන් කිරීම විසිවන සියවසේ මුල්භාගය තෙක්ම බල්ගේරියානු ගම්මානවල අනුගමනය කෙරුනු සම්ප්‍රදායකි. ජීවත් වන්නවුන්ගේ රුධිරයෙන් පවස නිවා ගැනීමට මළවුන්ගෙන් නැගිට එන පිසාචයන් පිළිබඳ වන පුරාණෝක්ති වසර දහස් ගණනක අතීතයට දිවයන්නක් වන නමුදු අදටද නැගෙනහිර යුරෝපයේ පිටිසරබද හුදකලා ගම්මානවල වෙසෙන්නවුන් පිසාචයන් කෙරෙහි දක්වන බියෙහි අඩුවක්ව නොමැත. පිසාචයන් පලවා හැරීමේ බලයක් ඇති බවට විශ්වාස කෙරෙන සුදුලූනු හා කුරුසියන් මොවුන් අතර සුලබව භාවිතා කෙරේ.
මෑතකදී පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් චෙක් ජනරජයෙන්ද පිසාචයන්ගේ බවට සැක කෙරෙන සොහොන් තුන්දහසක් පමණ සොයා ගනු ලැබූ අතර ඒවායේ විශේෂත්වය වූයේ මියගියවුන්ට නැවත නැගිටීමට නොහැකි වන සේ ඒවා මත තට්ටු ලෙස අතුරා තිබූ පාෂාණය කිතුදහමේ ආගමනය මගින් පිසාචයන් පිළිබඳ විශ්වාසය තවදුරටත් නොබිඳිය හැකි වන සේ තහවුරු වන ලද්දේ, වැම්පරයන් යනු ක්‍රිස්තු සංකල්පයට ප්‍රතිරෝධී නපුරු බලවේග ලෙස හඳුන්වා දීමට ඉන් ලද පිටුබලය නිසාය. වසංගත රෝග ව්‍යාප්තියත් (කළු මරණ) Vampires1සමග පිසාචයන් කෙරෙහි වූ බිය දෙගුණ තෙගුණ ලෙසින් අත්දැකි මධ්‍යකාලීන යුරෝපීයයන්, ඇතැම් විටක සිය මළවුන් මිහිදන් කරන ලද්දේ මළ සිරුරේ මුවතුළට ඔබ්බවන ලද ගඩොල් කැට සමගය. ඒ මරණයෙන් නැගිට සෙසු මළසිරුරු බුදීම වැළැක්වීමටය. පිසාචයයකු පිළිබඳ කියැවෙන රසවත් පුරාණෝක්තියක් හමුවන්නේ දොළොස්වන සියවසේ ස්කොට්ලන්ත දේශසීමාවේ විසූ බව කියැවෙන කාන්තාවක විසින් කළ විස්තරයකිනි. දින කීපයකට පෙරදී මෙල්රෝස් දේවස්ථාන භූමියේ මිහිදන් කරන ලද මියගිය පූජකයකු තමාව බියපත් කරන බවට ඇය විසින් එල්ල කළ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස පූජකයාගේ සොහොන හාරා බැලූ සෙසු පූජකයන්ට දැක ගත හැකිවූයේ අදහාගත නොහැකි බියකරු දර්ශනයකි. සිරුර නැවුම් ලෙයින් තෙත්ව තිබූ අතර, ජීවත්ව සිටින කාලයේදී ආගමික වගකීම් පැහැර හැරියෙකු ලෙස ප්‍රකටව සිටි එකී පූජකයාගේ සිරුර වහා පුළුස්සා දැමීමට පසුව පියවර ගැනිණි.
පිසාච ජනප්‍රවාදයන් සඳහා ප්‍රබලම පිටුබලයක් ලැබෙන ලද්දේ ග්‍රීසියේදී හා නැගෙනහිර යුරෝපීය රටවලදී වන අතර පසුකලකදී බ්‍රිතාන්‍ය ජර්මනිය පමණක් නොව ඇමරිකාව වැනි රටවලදීද රටවැසියන්ට පැමිණෙන නපුරු උවදුරු සඳහා චෝදනා එල්ල වන ලද්දේ පිසාචයන්ටය.

සිරි දළදා පුරාණය හා සිරිලක අභිමානය


ඓතිහාසික සෙංකඩගල (මහනුවර) පුරවරය කේන්ද්‍රගත කොටගෙන  වාර්ෂිකව පැවැත්වෙන දළදා පුද පෙරහර මංගල්‍යය ජීවමාන ගෞතම බුදුරජාණන්වහන්සේ ලෙස සැලකෙන ශ්‍රී වාම දංෂ්ඨ්‍රා ධාතුන්  වහන්සේ   උදෙසා බුදු පුද පූජෝපාහාර  දැක්වීමටත් නාථ, විෂ්ණු, කතරගම යන දෙවිවරුන්  සේම පත්තිනි දේවමෑණියන්ට පුද පූජෝපහාර දැක්වීමටත් වාර්ෂිකව   පැවැත්වෙන ආගමික හා සංස්කෘතික  මහා පෙරහර   මංගල්‍යයක් Kandy-Peraheraපමණක් නොව  අපගේ පුරාණ  කලා ශිල්පවල හා චාරිත්‍ර වාරිත්‍ර  චර්යාධර්මවල අසිරිමත් බව ලොවට විදහා දක්වන  සාම්ප්‍රදායික අති උත්කර්ෂවත් මහා කලා මංගල්‍යයක් වශයෙන් ලොව ප්‍රකටය.
දළදා පෙරහරේ මූලාරම්භය
දළදා වහන්සේට කරන පුදපූජා අතර දළදා පෙරහර මූලිකත්වයක් ගනී. සිරි මේඝවණ්ණ රජු සමයේ සිට ලක්දිව සාමයෙන් පැවති කාලවල දී දළදා පෙරහර නොකඩවා සෑම වසරක් පාසාම පැවැත්විණි. එකල දළදා  පෙරහර  වර්තමාන  දළදා පෙරහර මෙන් ජාතික කලා  මහෝත්සවයක් නොවීය. එය හුදු ආගමික උත්සවයක් පමණි. එය වර්තමාන තත්ත්වයට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ  දීය. අනුරාධපුර යුගයේදී දළදා පූජෝත්සවයට අමතරව පැවැත් වූ  ඇසළ පෙරහර ජාතික උත්සවයක් විය. ගජබා  රජු (ක්‍රි. ව. 174-196) සොළී දේශයට ගොස් නීල මහා යෝධයන්ගේ විකුම් දක්වා ලද  ඒ විජයග්‍රහණයත්,  ඒ ගමනේදීම ලක්දිවට රැගෙන එන ලද පත්තිනි සලඹ පිදීමත්, එකී ඇසළ උත්සවයේ මූලික අරමුණු විය. එකල එය නැකත් කෙළියක් ලෙසින් පැවැති ආ බව මහනුවර යුගයේ රචිත “සඟරජ වත” නම් වූ පද්‍ය ග්‍රන්ථයේ එන මෙම පද්‍යයෙන් ප්‍රකට වේ.
සෙංකඩගල නුව                  ර
ඇසළ කෙරෙන් පෙරහැ        ර
දෙවියන්ට නිසි ක                ර
පැවත ආවේ කලක සිට පෙ   ර
කප් සිටුවීම
දළදා පෙරහර ආරම්භ වනුයේ කප් සිටුවීම නම් වූ චාරිත්‍රයෙනි. මෙහි අරමුණ වනුයේ පුරාණයේ සිට කර ගෙන පැමිණ පෙරහර චාරිත්‍ර නොකඩවා ඉටු කරන බවට දෙවියන් ඉදිරියේ ‍පොරොන්දු වීමයි.
ඇසළ (ජූලි) මාසයේ අමාවක ‍පොහොයට පෙර දින සතර මහා දේවාවලට අයත් වු පිරිසක් සමග නැකත් මොහොට්ටාල එළියට නොගත් කොස් ගසක් ඉදිරියට ගොස් පුද පූජා    පවත්වා ඒ ගස කපා  දමයි. ඉක්බිතිව එම ගස කොටස් හතරකට වෙන් කරයි. ඒවා නාථ, විෂ්ණු, කතරගම  හා පත්තිනි  යන සතර මහා දේවාල සඳහා ලබා දෙයි. අමාවක ‍පොහෝ දිනයට පසුදා කප් එනම්, කොස් ගසේ කොටස් හතර සමග කොඩි, සේසත්, හේවිසි, හොරණෑ යනාදියෙන් යුතු පෙරහරකින් පැමිණ දේවා ගම්වල  තාවකාලිකව තනන ලද වහලක්  යට කප් සිටුවයි. මෙය ඉටු කරනු  ලබන්නේ වන්නකු රාළ  විසිනි. දළදා මාලිගාව  කප් සිටුවීම චාරිත්‍රයට සම්බන්ධ  නොවේ.
දේවාල පෙරහර
කප් සිට වූ දින පටන් පුරා දින පහක් පමණ කාලයක් කුඩා පෙරහර පවත්වයි. මෙය දේවාල  පෙරහර නමින් හැඳින්වේ. මෙහි දී ඒ ඒ දේවාලවලට අයත් දේව ආයුධ කප් වටා වැඩම කරවීම සිදු කරයි. මෙම පෙරහර ගමන් කරනුයේ දේවාල භූමි සීමාවේ පමණි.
කුඹල් පෙරහර
ඇතුල් පෙරහර අවසන් වී පසු දින රාත්‍රියේ  කුඹල් පෙරහර ආරම්භ වේ. ඇතුල් පෙරහරේ පස්වන දින දේවාල භූමියෙන් පිටතට වඩම්වන දේව ආයුධ රන්සිවි ගෙයක තැන්පත් කොට  ඒ ඒ දේවාලවල කාරිය කරවන රාළ මූලිකව මහ පෙරහරින්  දළදා  මාලිගාව  වෙත රැගෙන යයි. ඉක්බිතිව  දළදා කරඬුව වෙනුවට වැඩම්වන  කරඬුව සහිත දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහරේ පෙරමුණෙන් ගමන් අරඹයි.
මෙලෙස කුඹල් පෙරහර දින පහක් පුරා වීදි සංචාරය කරයි. කුඹල් පෙරහරට මේ නම් දී ඇත්තේ වලංකරුවෙකු වළං කදක් ගත් අතවැසියෙකු සමග පෙරහරේ ගමන් ගන්නා බැවිනි.
රන්දෝලි පෙරහර
කුඹල් පෙරහර අවසන්  වී පසුදින රාත්‍රියේ රන්දෝලි පෙරහර ආරම්භවේ. මෙහි දී සතර මහා දේවාවලට අයත් වූ දේවආභරණ වැඩමවයි. එසේම පළමු වෙඩිල්‍ලේ හඬත් සමගම සතර මහා දේවාල පෙරහර   දළදා  මාලිගාව  ඉදිරිපිටට පැමිණීම අරඹයි. ඉක්බිතිව  දළදා මාලිගාවේ පෙරහර දේවාල පෙරහරේ   පෙරමුණෙන් ගමන් අරඹයි. ක්‍රි.ව. 1775 දී එනම් කීර්ති ශ්‍රී රාජසිංහ රාජ සමයේ සිට ඇසළ පෙරහරේ රන්දෝලි ගෙන යෑමේ කාර්යය පෙරහැරේ අවසානයට සිදු කරයි.  එබැවින් මෙම පෙරහර රන්දෝලි නමින් හැඳින්වේ.
රන්දෝලි පෙරහර ඉතා විචිත්‍රවත්ය. එසේම එය ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වයි. මේ රන්දෝලි පෙරහර නැරඹීමට දෙස් විදෙස් ජනයා මහත් වූ රුචියක් දක්වන්නේද එබැවිනි.
දිය කැපීමේ පෙරහර
රන්දෝලි පෙරහර අවසන් දිනයේ වීදි සංචාරය කොට දළදා කරඬුව රැගත් හස්තියා ප්‍රමුඛ පෙරහර  අස්ගිරිය විහාරයේ ආදාහන මළුව වෙත පිටත්ව යයි. විශේෂයෙන් නර්තන අංග කිසිවක් ඇතුළත් නොවන  මෙම පෙරහරට  තූර්ය වාදනය පමණක් ඇතුළත් වේ.  මේ අතරතුර සතර මහා දේවාල පෙරහර දේව ආභරණ  හා කප්  කණු සහිත දිය කැපීමේ චාරිත්‍රය  ඉටු කරනු වස් ගැටඹේ මහවැලි  ගං තොටු‍පොළ වෙත පිටත්ව යයි. මෙය ද කුඩා පෙරහරකි.
ඉක්බිතිව සතර මහා දේවාලවල කපු මහත්වරු සරසන ලද ඔරුවක නැගී  මහවැලි ගඟ මැද්දට පිවිස   රන් කඩුවකින් දිය වටක් අඳයි. ඊළඟට පසුගිය අවුරුද්දේ ගෙන ගිය ජලය ඉවත් කර රන් කඩුවෙන් දිය කපා කෙන්ඩියට ජලය පුරවා ගනී. ඉක්බිතිව රැගෙන පැමිණි කප් කණු සතර ජලයේ පා කර හරී.ඉක්බිතිව පැන් කෙණ්ඩිය රැගත් පෙරහර මහනුවර ‍පොලීසිය අසල පිහිටි පු‍ලේලෙයාර්  කෝවිල වෙත ගොස් එහි චාරිත්‍ර  ඉටු කොට, දවල් පෙරහර ඇරඹෙන තෙක් කෝවි‍ලේ රැඳී සිටියි.
දවල් පෙරහර
දළදා මාලිගාවේ පෙරහර අස්ගිරි මහා විහාරයේ ආදාහන  මළුව වෙතින් පිටත්වන විට සතර මහා දේවාල පෙරහර පුල්‍ලේයාර් කෝවිල අසලින් සූදානම්ව පැමිණ දළදා මාලිගාවේ පෙරහරට  සම්බන්ධවේ. ඉක්බිතිව සියලු පෙරහර එක් ව පැමිණි මාලිගා චතුරස්‍රය වටා තෙවරක්  පැදකුණු කොට දළදා මාලිගාවේ  පෙරහර දළදා මාලිගාවටත් සතර මහා දේවාලවලටත් ගෙවැදීමෙන් මේ  මහා පෙරහර මංගල්‍යය අවසන්වේ.
වලියක් මංගල්‍යයය (විලියකුන් නැටීම)
පෙරහර හා සම්බන්ධ  අවසාන චාරිත්‍රය  වනුයේ මහනුවර විශ්ණු දේවාලයේ පවත්වනු ලබන වලියක් මංගල්‍යයයි. දින හතක් පුරා පවත්වනු ලබන මෙම වලියක් මංගල්‍යය පෙරහරට සම්බන්ධ වූ නිලමේවරු ප්‍රමුඛ සියලු දෙනාටත් අලි ඇතුන්ටත් සෙත්පතා පවත්වනු ලැබේ.
ඇති‍පොළ මංගල හිමි දළුක්ගොල්ල රජමහා විහාරවාසී

ඩයලොග් 2GB පැකේජ් එක අන්ලිමිටඩ් කරගන්න ට්‍රික් එකක්..!!


කට්ටිය දන්නවානේ ඩයලොග් වලින් ගන්න පැකේජ් එක අනුව ඒගොල්ලෝ දෙන ලිමිට් පැන්නට පස්සේ අම්බානට ස්ලෝ කරනවා කියලා. අන්න ඒ ස්ලෝ කරන එක නවත්ත ගන්න තමා මේ ට්‍රික් එක.(ඩයලොග් කාරයන්න බම්බු ගහන්න කියමු)

මේක ගැන කියනවා නම් මේක හදුන්වන්නේ Open DNS (Open_Domain_Name_System)
කියලා,

හරි ඔන්න ට්‍රික් එක..


 ඉස්සර වෙලාම ඩයලොග් මැනේජර් ඔපන් කරගන්න.. (ඉන්ටර්නෙට් වලට කනෙක් වෙලා ඉන්නවා නම් විසන්ධි කරන්න වෙනවා)





මේ රුපේ තියෙන විදිහට Settings කියන එක උඩ ක්ලික් කරන්න







ඊට පස්සේ Connection යටතේ තියෙන Add බටන් එක මත ක්ලීක් කරන්න





    


ඊට පස්සේ Common යටතේ තියෙන Config name කියන එකට කැමති නමක් දෙන්න
Dial number විදිහට *99**1# කියලා ලබා දෙන්න
පස්සේ APN එක විදිහට dialogbb කියලා දෙන්න




 







පස්සේ ඒකෙම තියෙන Advance යන්න ක්ලික් කරලා රූපේ තියෙන විදිහට DNS server address කියන එක යටතේ ඇති
Preferrse DNS:
208.67.222.222
Alternate DNS:
208.67.220.220 කියන විදිටහට දෙන්න ඔන්න දැං Save කරලා ඒ ඔයා හදාගත්ත එක Apply කරලා නෙට් කනෙක් කරලා බලන්න
කනෙක්ට් කරලා ඉවර වෙලා ‍මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න
                     https://store.opendns.com/settings//

පස්සේ යට පින්තූරේ විදිහට වැටිලා තියෙනවා නම් ඔයා සාර්ථකයි


ලොකු කරන්න රූපේ මත ක්ලික් කරන්න

ඔන්න දැං ඉතිං බය නැතුව අන්ලිමිටඩ් වගේ ඩවුන්ලොඩ් කරන එකයි තියෙන්නේ :P :P

ආහ්.. කියන්න අමතක වුනා ඔයාගේ ලිමිට් එක පනින්න කලින් මේ වැඩේ කරන්න ඔනේ නැත්තං හරියන්නේ නෑ
තව එකක් කියන්න ඔනේ මේ විදිහට හදලා කනෙක්ට් වෙද්දී සොෆ්වෙයාර් එකෙන් කනෙක්ට් වෙන්න එපා Start > Connect to > ඔයාගේ Dial Up එකවුන්ට් එක ක්ලික් කරහම කනෙක් වෙනවා සොෆ්වෙයාර් එක හරහා කනෙක් වෙන්නම එපා


තව එකක් කියන්න ඔනේ විකියේ තියෙනවා DNS ගැන ගොඩාක් විස්තර මෙන්න මෙතනින් යන්න  පුලුවන්
මේ වැඩේ Etisalat වලටත් සාර්ථකව වැඩ කරනවා කියලා යහලුවෝ කිහිපදෙනෙක් කිව්වා Etisalat වලටත් ට්‍රයි කරලා බලන්න

 මේටිකත් ඔලුවේ තියාගන්න,

1.Access Number එක *99**1# සිට *99**9# දක්වා ඕනෑම number එකක් කොටන්න පුළුවන්  2.DNS Server එක අපි කැමති ඕනෑම DNS Server එකක් පාවිච්චි කරන්න පුළුවන්
Google DNS 8.8.8.8 8.8.4.4  Dnsadvantage 156.154.70.1 156.154.71.1  OpenDNS 208.67.222.222 208.67.220.220  Norton 198.153.192.1 198.153.194.1  GTEI DNS 4.2.2.1 4.2.2.2 4.2.2.3 4.2.2.4 4.2.2.5 4.2.2.6  ScrubIt 67.138.54.100 207.225.209.66 
මතක තියාගන්න අපි බාවිතා කරන DNS Server එක මත අපගේ අන්තර්ජාල සබඳතාවේ වේගය රඳා පවතිනවා.එම නිසා වේගවත් DNS Server එකක් බාවිතා කරන්න.Google DNS වේගය අතින් හොදයි.නමුත් සමහර වෙලාවට දෝශ ඇතිවෙනවා.ඒ වගේම මේදේ කරන්න ඕන 2GB Limit එක පනින්න ඉස්සරවෙලා Limit එක පැන්නොත් මේක වැඩකරන්නේ නෑ.බාවිතා කරනලද MB ප්‍රමාණය බලාගන්න MBB කියල 678ට SMS එකක් යවන්න. Dialog හැර අනෙක් සේවාවන් (Mobitel,Airtel ආදී ISP) සඳහා මේ ක්‍රමය ක්‍රියාන්මක කිරිම අසාර්ථකයි.එයට හේතුව අනෙක් සේවාවන් වේගය නොව බාවිතා කරනුලබන දත්ත ප්‍රමාණය පමණක් පරික්ෂා කිරීමයි. නමුත් Try කරල බලන්න මොනම හරි ක්‍රමයක් ඇතිනේ. ( මේ අදහස අපේ කොට්ටෝරු සහෝදරයාගෙන් )
 උපුටා ගැනීම: Chamitha Madusha

Tuesday, August 13, 2013

නොස්‌ට්‍රඩාමුස්‌ගේ විශ්මිත අනාගත අනාවැකි.!



මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ පිළිබඳ කතාව කෙටි ලිපියකින් නොව විශාල පොතකින් කිව යුතු කතාවකි. පෘථිවිය වටා සූර්යයා සහ සෞරග්‍රහ මණ්‌ඩලය භ්‍රමණය වන බව දෙවනුවත්, පෘථිවිය ගෝලාකාර නැති පැතිලි වස්‌තුවක්‌ බව පළමුවත් විශ්වාස කළ පූජකයන් විසින් ලෝකය පාලනය කෙරුණු යුගයක ප්‍රංශයේ උපන් ඔහු එතෙක්‌ මෙතෙක්‌ ලොව පහළ වූ විශිෂ්ටතම අනාවැකි කියන්නා බව අදටත් පිළිගැනෙයි. 1503 දී උපන් ඔහු 1999 ජුලි මාසයේදී ලෝකය විශාල යුද්ධයකින් පරිහානියට පත්වන බව කීවේය. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඉරාකයට එරෙහි සිය පළමුවන යුද්ධය පටන් ගන්නේ මේ කාලයේදී ය. කපටි පූජකයන් විසින් කතෝලික ආගම කනපිට හරවා සිය සාක්‌කු පුරවා ගනිමින් සිටි මේ කාලයේදී අනාවැකි කීම ඉතා පරෙස්‌සමෙන් කළ යුතුව තිබු අතර අනාවැකි කියන්නා ගැන සැක හිතුනොත් ඔහුට යකකු වැහී ඇති බව ප්‍රකාශයට පත් කර පණ පිටින් පුළුස්‌සා මැරීමට පූජකයන්ට බලය තිබිණි. ඒ අනුව නොස්‌ට්‍රඩාමුස්‌ සිය අනාවැකි ව්‍යංගාර්ථයෙන් කවි මගින් ප්‍රකාශයට පත් කළේය. 1999 කුවේටය මුල් කර ගෙන ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් ඉරානයට බෝම්ම දැමීම ගැන ඔහු කීවේ මෙසේය.

එක්‌ව දහස්‌ නවසියයේ අග වසරේ

අහස ඉරාගෙන ඇව්දින් ම රු කතරේ

ගින්නෙන් දවාලයි අළු හැම තැන විසිරේ

දුක බිය කඳුළු බැලු බැලු හැම තැන පැතිරේ

අනාගතයේ දවසක ඇමරිකාව එක්‌ පැත්තකටත්, තවත් මහා බලවතුන් දෙදනකු තවත් පැත්තකටත් වී යුද වදින්නට පටන් ගන්නා බව ද නොස්‌ට්‍රඩාමුස්‌ කීවේය. ඔහු එකට එකතු වන මහ බලවතුන් ලෙස හඳුන්වන්නේ චීනය සහ රුසියාව විය හැකිය. ඒ පිළිබඳ කවියේ සිංහල පරිවර්තනය මෙසේ ය.

කිසියම් දිනෙක 'නවලොව් ලොව රජ වෙනවා

හිරු බැස යන පැත්ත අඳුරින් කලු වෙනවා

හැම සිරුරකම ලේ පැල්ලම් මතු වෙනවා

ලොව මහ බලවතුන් දෙදෙනකු එක්‌ වෙනවා

නව ලොව යනු ඇමරිකාවය. හිරු බැස යන පැත්ත යනු ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ය. නොස්‌ටුඩාමුස්‌ගේ පහත සඳහන් කවි අනාවැකිය න්‍යෂ්ටික යුද්ධයකින් පසු එළැඹෙන යුගය හෝ සුනාමිය සිහිපත් කරන්නක්‌ විය හැකිය.

සිවු දශකයක්‌ දේදුන්නක්‌ නොපායා

එබඳුම කලක්‌ දේදුනු හැමදින පායා

වියළි පොළොව බැලු බැලු අත පුපුරායා

එය වනසමින් ගං වතුරක්‌ ගලායා

ක්‍රිස්‌තියානි බටහිර ලෝකයට විරුද්ධව මුස්‌ලිම් ලෝකය යුද්ධ ප්‍රකාශ කරන බව දුටු නොස්‌ට්‍රඩාමුස්‌ ලෙබනනයේ බීරුට්‌ නුවරට (නොස්‌ට්‍රඩාමුස ගේ කාලයේදී මේ නගරය හඳුන්වන ලද්දේ 'භාෂ්ම් පුරය' ලෙසය) බෝම්බ දමා එය විනාශ කෙරෙනු ඇති බව පැවැසීය. 1945 දී හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළන බව 1545 දී ඔහු කීය.

මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ හෙවත් මයිකල් ඩි නොස්‌ට්‍රඩාමුස්‌ 1503 දෙසැම්බර් 14 වැනිදා ප්‍රංශයේ 'ප්‍රොවෙන්ස්‌' හි උපන්නේය. (අද 'ප්‍රොවින්ස්‌' ලෙස ප්‍රදේශය හෝ පළාත හැඳින්වීම සඳහා යොදන ඉංග්‍රීසි නාම පදය බිඳී ආවේ ප්‍රංශ භාෂාවෙනි.) ඔහු යුදෙව් මූලයකින් පැමිණි දරුවෙකි. යුදෙව් ආගම අත්හැර ක්‍රිස්‌තියානි සමය වැළඳගත් මයිකල්ගේ පවුලේ අය සහ ඔහු කතෝලික වටපිටාවක ඇති දැඩි විය. ඔහුගේ මුත්තණුවෝ ඔහුට ග්‍රීක සම්භාව්‍ය යුරෝපීය භාෂා සහ ‍ඡ්‍යෝතිෂය උගැන්වූහ. ඇවිග්නොන් නමැති කීර්තිමත් පාසලෙන් උසස්‌ අධ්‍යාපනය සඳහා දර්ශනවාදය හදාල ඔහු ප්‍රංශයේ මොන්ට්‌පෙලියර් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. යුරෝපය පුරා මහාමාරිය පැතිර ගිය කාලයේදී එය තමන්ට බෝකර ගන්නේ නැතිව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔහුට හැකි විය. 16 වැනි සියවසේදී වසංගත රෝගවලින් පෙළුණ අයගේ සිරුරුවලින් ලේ ඉවත් කිරීමේ ප්‍රතිකාරයක්‌ විය. එකල සිටි දොස්‌තරවරු මහාමාරිය වැළඳෙන රෝගීන්ගේ සිරුරෙන් ද ලේ අරන් දැමීම නිසා ඔවුහු තොග පිටින් මළහ. මේ ක්‍රමයෙන් රෝගීන් තව තවත් දුර්වල වන බව දුටු නොස්‌ට්‍රඩාමුස්‌ එම ක්‍රමවේදයෙන් වැළකීම නිසා ඔහුගෙන් බෙහෙත් ගත් අය සුවපත් වූහ.

භූත විද්‍යාව වේවා ඉන්ද්‍රජාල වේවා, අතට හසු වූ හැම පොතක්‌ම කියෑවීම නොස්‌ට්‍රඩාමුස්‌ගේ පුරුද්ද විය. විද්‍යාර්ථියකු ලෙස ගත කරන ජීවිතය සීමා සහිත ලෙස හැඟුනු නිසා ඔහු දැනුම සොයා ප්‍රංශයේ සංචාරව කිරීමට තීරණය කළේය. මේ යන ගමනේදී ඒපියන් නමැති ගම්මානයේ පැලපදියම් වූ හේ උසස්‌ පවුලක තරුණියක්‌ විවාහ කරගෙන දූ දරුවන් හදා වඩාගෙන ජීවත් විය. මේ අතර මහාමාරිය යළිත් ප්‍රංශයට පැමිණි අතර මෙවර ඔහුගේ බිරිය හා දරුවෝ ද එයට ගොදුරුව මළහ. ශෝකයෙන් බර වූ හේ සියල්ල අතහැර සත්‍යය සෙවීම සඳහා පාරට බැස්‌සේය. ප්‍රංශය ජෝර්ජියාව හා ඉතාලිය හරහා ගිය ඔහු යළි උපන් ගමට පැමිණ ධනවත් වැන්දඹුවක සමඟ විවාහ විය. ඔහුගේ අනාගතය දැකීමේ ඥානය පහළ වන්නේ මෙතැන් සිටය.

1550 දී ඉදිරි වර්ෂය සඳහා වූ අනාවැකි සහිත පොතක්‌ ඔහු ප්‍රකාශයට පත් කළේය. එය වහා විකිණී අවසන් වූ පසු එය වර්ෂයෙන් වර්ෂය ප්‍රකාශයට පත් කිරීමට ඔහු පටන් ගත්තේය. ක්‍රි. ව. 7000 දී ලෝකය විනාශ වන බව කිවූ ඔහු ඒ දක්‌වා අනාවැකි පළ කර ඇත. ඔහු තම අනාවැකි කීවේ පද හතරේ කවිවලිනි. ඒවා ශත වර්ෂ යන පොදු නම යටතේ කාණ්‌ඩ 10 කින් ප්‍රකාශයට පත් කර ඇත. සමහර කවි ප්‍රහේලිකා විය. ඒවා ලිහා ගත් විට අනාවැකිය මතු විය.

නොස්‌ට්‍රඩාමුස්‌ දිනක්‌ ඉතාලියේ නගරයක්‌ හරහා ඇවිදගෙන යන විට ඉදිරියට එන ප්‍රැන්සිසිකන් පූජකයකු වූ ෆීලිස්‌ හෙරෙන්ති නමැති තරුණයා හමු හමුවිය. ඔහු ඉදිරිපිට දන නැමූ ඔහු 'ශුද්ධවන්ත උතුමාණෙනි" යෑයි ආමන්ත්‍රණය කළේය. මෙය ආධුනික පූජකයකුට කරන ආමන්ත්‍රණයක්‌ නොව පාප්වරයකුට යොදන ආමන්ත්‍රණයකි. නොස්‌ට්‍රඩාමුස්‌ට පිස්‌සු හැදී ගෙන එන්නේ දැයි මිනිස්‌සු කල්පනා කළහ. 1588 දී මේ පූජකයා කාදිනල්වරයකු වූ අතර ඪ වැනි සික්‌සන් පාප් වහන්සේ ලෙස තෝරා ගනු ලැබීය. නොස්‌ට්‍රඩාමුස්‌ එදා ඔහුට දණ නැමුවේ අනාගතය දුටු නිසා ය.

1585 දවසක නොස්‌ට්‍රඩාමුස්‌ ඔහුගේ බැතිමතියක වන ප්‍රංශයේ කැතරින් රැජන බැහැදැකීමට ගියාය. රැජනගේ පරිවාර සෙනඟ අතර සිටි දුර්වල පෙනුමක්‌ සහිත ළමයකු වෙත නොස්‌ට්‍රඩාමුස්‌ගේ අවධානය යොමු විය. ඔහුගේ අතින් අල්ලා ගත් නොස්‌ට්‍රඩාමුස්‌ අනාගතයේදී ඔහු ප්‍රංශයේ රජ වන බවට අනාවැකියක්‌ පළ කළේය. පසු කාලයේදී ඒ ළමයා උස්‌ මහත් ව II වැනි චාල්ස්‌ ලෙස රජ විය. කැතරින් බිසවගේ වල්ලභයා වූ ප්‍රංශයේ II වැනි හෙන්රි මියයන ආකාරය ගැන ඔහු මෙසේ කීවේය.

රණ පිටියේදී සන්නාහය දෙදරනවා

ඔහුගේ ඇසක්‌ ඉන් ඉවතට නික්‌මෙනවා

නව සිංහයා දිනු විට ඔහු පරදිනවා

ඔහුගේ රුදුරු මරණයත් සටහන් වෙනවා

මේ කවියේ තේරුම මෙසේය. හෙන්රි රජු කෙළි සෙල්ලම් පිණිස වන ද්වන්ද සටනක යෙදෙයි. ඒ අතර වැරදීමකින් ප්‍රතිමල්ලවයාගේ ආයුධය ඔහුගේ මුහුණු ආවරණයේ වැදී එය හිල්වී ඇසක ඇනී ඇස ඉපිලෙයි. ඒ තුවාලවලින් රජතුමා මියයයි. වැඩි දෙනා මේ කවියේ තේරුම දත් නමුත් කීමට බිය වූහ. මේ අතර දිනක්‌ මොන්ගෝමරි නමැති රාජ්‍ය නිලධාරියකු සමඟ කෙලි සෙල්ලම් සටනක නිරත වෙමින් සිටි හෙන්රි රජු මේ ආකාරයෙන්ම මියගියේය. ඔහු රජතුමාගේ හමුදාවේ කපිතාන්වරයෙකි.

ඔහු විසින් කවියෙන් පළකරන ලද අනාවැකි තවත් කිහිපයක්‌ මෙසේය.

එංගලන්තයේ 1 වැනි චාල්ස්‌ රජු 1648 හිස ගසා මරා දමන බව.

1165 දී ලන්ඩනය වනසා දමමින් මහාමාරිය පැතිර යන බව

1165 දී ලන්ඩන් නගරය මහා ගින්නකින් විනාශ වන බව.

කෝර්සිකාවේ උපත ලබන නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍යයකු වන බව සහ 1814 දී ඔහුගේ බලය පිරිහෙන බව.

හිට්‌ලර් උපදින බව (නොස්‌ටුඩාමුස්‌ විසින් හිට්‌ලර් හඳුන්වන ලද්දේ හිස්‌ටර් යන නමිනි.)

ගුවන් යානා පහළ වීම සහ හිට්‌ලර් යුදෙව්වන් සංහාරය කරන බව - නොස්‌ටුඩාමුස්‌ ගුවන් යානා හැඳින්වුයේ යකඩ කුරුල්ලන් ලෙසය.

බ්‍රිතාන්‍යයේ VIII වැනි එඩ්වර්ඩ් රජු වොලිස්‌ සිම්ප්සන් නමැති දික්‌කසාද වූ ඇමරිකන් කාන්තාවක සමඟ විවාහ වී සිහසුන අහිමි කර ගන්නා බව.

නොස්‌ට්‍රඩාමුස්‌ මියගියේ 1566 දී ය. ඊට පෙර කම්මල්කාරයකු වෙත ගිය ඔහු තම උපත හා විපත සිදු වූ අවුරුදු සහ දින සහිතව සොහොන් ඵලකයක්‌ නිර්මාණය කරවා ගත්තේය. ඊටත් අමතරව තවත් වසරක්‌ සඳහන් ලෝහ ඵලකයක්‌ සාදවා ගෙන එය තම මිනී පෙට්‌ටියේ තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ මරණයෙන් වසර 134 කට පසු 1700 දි ඔහුගේ මෘත දේහය වඩා හොඳ තැනක තැන්පත් කිරීමට කල්පනා කළ ප්‍රංශ ආණ්‌ඩුව මිනී පෙට්‌ටිය ගොඩ ගෙන එය වැළලීමට පළමුව විවෘත කර බැලීය. ඔහු කම්මල්කරු ලවා සාදවා ගත් ඵලකය එහි විය. එහි 1700 යන අවුරුද්ද සඳහන්ව තිබිණි.

Monday, August 12, 2013

හිඟන්නාගේ අවුරුදු තෑග්ග







හිඟන්නා අත රුපියල් දස දහසකි. නමුත් හෙට දින එකදු සාප්පුවක් හෝ විවෘත නොවෙන බව හිඟන්නා හොඳාකාරවම දනියි. අලුතෙන්ම තෑගි ලැබුණ සරම සහ බැනියම පසෙක තිබියදී හිඟන්නා පරණ හඩු සරම ම පොරවා ගත්තේ ය. ඔහු අද සවස් වරුවේ නොදන්නා තරුණියක හා නිදි වැදි මොහොත මෙනෙහි කරන්නට විය. හිඟන්නා දෑස පියා ගත්තේ ය. නිදා සිටි සර්පයන් දෑස විවර කරන්නට විය. නැවත නැවතත් ගුහාවෙන් හිස ඔබා යලි ගුහාවටම වන්නට විය. එක් මොහොතක හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විණි. යලි මොහොතකින් ඇස් හැරි ඔහු හිස් අහස දෙස බැලුවේ ය. අලුත් අවුරුදු දිනය නොවන්නට, රුපියල් දස දහසක් අතැති හිඟන්නාට හෙට දිනය සුභ දිනයක් වන්නට තිබුණි. හිඟන්නා තමා පසෙක සිටි බැල්ලගේ හිස අත ගෑවේ ය.
"ඉක්මනට නඟින්න"
එක්වරම හිඟන්නා අසල නැවතූ ත්‍රීරෝද රථය තුල සිටි තරුණිය හිඟන්නාට කතා කළාය. ත්‍රීරෝද රථයේ රියදුරු මහත් විමතියෙන් හිඟන්නා දෙසත් තරුණිය දෙසත් දෙතුන් වරක් බැලීය. ඇය, විමලා සමඟ සිටි තරුණියන් අතරින් තරුණියක බව හිඟන්නා හැඳින ගත්තේ ය.

"විමලා ද කිව්වේ?"
හිඟන්නා ඇසුවේ කම්මැලි ස්වරයකිනි.

"ඔව්.. එනවා ඉන්මනට. වැඩි වෙලා කියවන්න බෑ මිනිස්සුන්ට පේනවා"
තරුණිය නොඉවසිල්ලෙන් වටපිට බලන්නට විය. හිඟන්නා කිසිත් නොදොඩා ත්‍රීරෝද රථයට ගොඩ විය. හිඟන්නා අසල වැතිර සිටි බැල්ල හිස ඔසවා හිඟන්නා දෙස බැලුවා ය.

ත්‍රීරෝද රථය අතුරු පාරවල් දිගේ ඇදී යන්නට විය. හිඟන්නා කිසිත් නොදෙඩුවේ ය. තරුණිය ද කිසිත් නොදෙඩුවා ය. ත්‍රීරෝද රථයේ රියදුරු වරෙන් වර පැති කණ්නාඩියෙහ් හිඟන්නා දෙස බලනු හිඟන්නා දුටුවේ ය. ත්‍රීරෝද රථය කුඩා ප්‍රමාණයේ හෝටලයක් තුලට හැරවීය. "සුරම්‍ය හෝටලය" එය හිඟන්නා නොදන්නා හෝටලයක් නොවීය.

"මේ හෝටලේට තමයි ඒ මහත්තයා මාව එක්කගෙන එන්නේ." විමලා තරමක නිවසක් වෙත අත දික්කළාය.
"සු... ර... ම හෝ... ටලය" හිඟන්නා ගේට්ටුව උඩින් රතුපාට අකුරු එකිනෙක හෙමින් ගලපන්නට විය.
"සුරම්‍ය හෝටලය!" විමලා නැවත නම නිවැරදිව කියවීය.
"මං දන්නෑ බං අර ඇදවෙලා ගිය අන්තිම අකුර"
"ඒ මහත්තයා කිව්වා මට එයා එක්ක එන්නැයි කියලා."
"උඹ මොකද කිව්වේ?"

"මං මුකුත් කිව්වේ නෑ"

"ඉතිං උඹ කැමතිද ඌත් එක්ක යන්න?"

"මං දන්නෑ"

සංවාදයෙන් දින කිහිපයකට පසුව විමලා අතුරුදන් විය. හිඟන්නා හැඬුවේ නැත. එක්කෝ හිඟන්නා හඬන්නට දැන සිටියේ නැත. හිඟන්නා නිදි වර්ජිත රාත්‍රී ගණනාවක් පසු කළේය.

"සල්ලි මැඩම් දෙයි" තරුණිය ත්‍රීරෝද රථයේ රියදුරුට කීවා ය.
තරුණියත් හිඟන්නාත් හෝටලයට ඇතුළු විය. ඇතුල්වන විටම ඇති සැප පුටුවක තරුණයන් දෙදෙනෙක් දුම් වැටියක් උරමින් සිටියේ ය. ඔවුන් හිඟන්නා දෙස නොරිස්සුම් බැලුම් හෙලන්නට විය.

"මේ මොකෙක්ද ඕයි මේ? තමුසෙටත් දැන් ඉන්නේ මාර කස්ටමර්ස්ලනේ" එක් තරුණයෙක්, තරුණියට අවඥාවෙන් පැවසීය.
"මැඩම්ගේ ඕඩරයක් බං. මොන කාමරේද හිස්?" තරුණිය ඒ තරුණයන්ව හොඳින්ම හඳුනතැයි හිඟන්නාට පැහැදිලි විය.
"දකුණු පැත්තේ දෙවෙනි එක. ඔය මේස උඩ ඇති යතුර"
හිඟන්නාත් තරුණියත් තරප්පු පෙළ නඟින්නට විය. ඉහල මහලේ වූයේ පටු කොරිඩෝවකි. දෙපසම කාමර වල දොරවල් පෙනුනි. තරුණිය එක කාමරයක දොර විවෘත කළාය. හිඟන්නාත් තරුණියත් කාමරයේ තනි විය. තරුණිය දොරේ අගුල කරකැවීය.

හිඟන්නාට කිසිඳු හැඟීමක් ඇති වූයේ නැත. ඔහු ට භීතියක්, කුතුහලයක්, ආශාවක් හෝ වෙනයම් කිසිඳු හැඟීමක් හෝ දැනුනේ නැත. හිඟන්නාගේ මනසේ ඇත්තේ එක් පැණයකි.

"කෝ විමලා?"
"මැඩම් මට බාර දුන්නු වැඩෙයි මම කරන්නේ. ඕන්නැති ප්‍රශ්න වැඩක් නෑ. අතන නාන කාමරේ. මෙන්න තුවාය ගිහින් නාගෙන එනවා. ඔහේ ගාව මහ බලු ගඳයි. නාලා මේ අලුත් ඇඳුම් ඇඳගන්නවා" තරුණිය හිඟන්නා අත අලුත් සරමක් සහ බැනියමක් තැබුවා ය.
හිඟන්නා නාන කාමරයට වැදී දොර බාගෙට වසාගත්තේය. හිසට වැටෙන වතුර පාර සහ මතක පොදිය ඔහුව බිම වාඩි කරවීය.

පදික වේදිකාවේ හිඳගෙන, හැඟිම් විරහිත දෙනෙතින්, සුවිසල් නිමි ඇඳුම් සාප්පුව දෙසට නෙත් යොමා සිටින්නේ හිඟන්නා ය. පෝලිමේ හිඳ තෙරපෙමින්, දහඩිය මුගුරු වපුරමින්, පොර කමින්, හොර කමින් සාප්පුව තුලට රිංගා ගත් බොහෝ දෙනෙකු ආපසු සාප්පුවෙන් පිටව යන්නේ ද හිඟන්නාව පසුකරගෙන ය. හෙට අලුත් අවුරුදු දිනයයි. හිඟන්නාගේ අත මිටද යම් තරමකට සරු ය.

විමලා ගිඟන්නාව හැර ගොස් දැනට අවුරුදු හතකට වැඩි විය හැකිය. විමලා හිඟන්නාට වඩා බොහෝ සෙයින් ලාබාල විය යුතුයැයි හිඟන්නාත් විමලාත් දිනක් කතා වූ සැටි හිඟන්නාට මතකය. ඔවුන් දෙදෙනාටම උපන්දින තිබිණි. එහෙත් දෙදෙනාටම එය අමතකව ගොස් තිබිණි. එසේත් නැත්තම් ඔවුන් උපන්දිනය දැන සිටියේම නැත.

වීදියේ ඉපදී වීදියේම හැදී වැඩුනු හිඟන්නා නිදි වැදූ එකම ගැහැණිය විමලා නොවේ. නමුත් හිඟන්නා නැවත නැතවත් නිදි වැදීමට කැමති වූ එකම ගැහැණිය විමලා ය. හිඟන්නා සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූ එකම ගැහැණිය ද විමලා විය හැකිය. සමහරක් විට ඈ ඕනෑම පිරිමියෙක් සමඟ නැවත නැවත නිදි වදින්නට කැමති වූවා විය හැකිය.

විමලා හිඟන්නා සමඟ සිටි කාලය හිඟන්නාට සරු කාලයක් විය. කොටින්ම එය හිඟන්නා ශක්තිමත්ව සිටියදී නාට්ටාමි කම් කළ කාලයටත් වඩා සරු කාලයකි.

නාට්ටාමි කම් කළ කාලයේ කරුමක්කාර පපුවේ අමාරුව නොසෑදෙන්නට, ගිඟන්නා මේ වන විට හිඟන්නෙක් නොවන්නට ද තිබූ බව ගිඟන්නා දැඩිව විශ්වාස කරයි. එකල ගිඟන්නාට රෑට නිදන්නට කුලියට ගත් ලැයිම් කාරමයක් පවා විය. නිතර කසිප්පු බොන හිඟන්නාට ඉඳ හිට අරක්කු බොන්නට ද එකල හැකි විය. එකල මැදිවිය පාමුල සිටි හිඟන්නාගේ සිහින සියල්ල සුන්නත් දූලි කර දැමූයේ පපුවේ අමාරුවයි. සති කීපයක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ගෙවා දැමූ හිඟන්නාට බර වැඩ නොකරන්නට අණ දුන්නේ දොස්තර මහතෙකි. දොස්තර මහත්තයාට බම්බු ගසා ගන්නට යැයි කියා ගිඟන්නා සති කීපයකට පසු සුපුරුදු රස්සාවට ගියත් ඔහුට පෙර පරිදි වැඩ කළ නොහැකි විය. කිලෝ විස්සක් ඔසවාගෙන අඩි දෙකක් යන විට අධික මහන්සියක් දැනෙන්නට විය. හිඟන්නාට නැවත සතියක් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ලඟින්නට ද සිදුවිය. හිඟන්නා යලිත් හිඟන්නෙක් විය. එතැන් සිට හිඟන්නා හිඟමනෙන් පමණක්ම දිවි ගැටගසා ගත්තේ ය.

මීට අවුරුදු ගණනකට පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. පාර අයියේ කළු පැහැති සෙලවෙන විශාල පොදියක් අසලට හිඟන්නා සෙමෙන් සෙමෙන් ලං විය. ඒ වැරහැලි වූ ඇඳුම් ලා ගත්, පිස්සියක මෙන් හිස කෙස් අවුල් වූ තරුණියකි. හිඟන්නා ඉක්මනින් තම මල්ලෙන් තැලී පොඩි වූ ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන තරුණියගේ මුහුණ තෙත් කළේ ය. ඇගේ අත් සහ කලවා සීරී තිබෙනු හිඟන්නා යන්තම් දුටුවේ ය. හිඟන්නා ඈ වත්තම් කරගෙන කඩපිලක් අයිනට පැමිණියේ ය.

"ගෑණියෙක් එක්ක බුදියන්න දන්නෙ නැති වනචර හැත්ත"
තරුණියව වත්තම් කරගෙන යන අතරතුර හිඟන්නා මිමිණුවේ ය.

ඈ යාන්තමට ඇස් හැර හිඟන්නා දෙස බැලුවා ය. ඈ වචනයකුදු නොදෙඩුවා ය. හිඟන්නා ද වචනයකුදු නොදෙඩුවේ ය. ඔවුන් කඩපිල අයිනේම නිදන්නට විය. හිඟන්නා මල්ලෙන් කිළිටි රෙදි කැබැල්ලක් ගෙන තරුණියට පෙරෙව්වේ ය.

අළුයම හිඟන්නා අවදිවන විට ඈ ද අවදි වී සිටියා ය. බිත්තියට හේත්තු වී ඈ බලාගත්වනම බලාගෙන සිටියා ය.

"මොකක්ද උඹේ නම?"

"විමලා!"

"උඹ වරෙන් මාත් එක්ක"

කිසිත් නොකියාම විමලා හිඟන්නා පසුපස පැමිණියා ය. එදා සිට හිඟන්නා සමඟින්ම උන්නා ය. හිඟන්නාගේ සියළුම ඕනෑ එපා කම් ඈ පිරිමැසුවා ය. පෙර දා ඈ පාර අයිනේ සිටියදී හිඟන්නා කළ උදව්වට කළ හැකි හොඳම ප්‍රතිඋපකාරය එය යැයි ඇය සිතුවා ය.

හෙට එළඹෙන අලුත් අවුරුදු දින වාගේම දිනෙක හිඟන්නා ඇයට බෝරිච්චි අත් දැමූ මල් ගවුමක් තෑගි දුන්නේ ය. එදා එසේ නොකළානම් හොඳ යැයි හිඟන්නාට පසුව අනේක වාරය සිතී ඇත. එදා ඇය ඒ ලා නිල් රෙද්දේ සුදු මල් වැටුනු ගවුම හැඳ, තනි කරලට කොණ්ඩය ගොතා හිඟන්නා ඉදිරියට ආ හැටි හිඟන්නාට තාම මතකය. ඇගේ රූ සපුව හිඟන්නාගේ හද මොහොතකට නතර කරවීය. ඇය එතරම් හැඩැති එකියකැයි හිඟන්නාට ඉන් පෙර කිසිම විටෙක සිතී නැත.

මල් ගවුම සියල්ල වෙනස් කරවීය. විමලා මල් ගවුම හැඳගෙන පාරේ ගිය විටෙක කාර් එකක පැමිණි මහත්තයෙක් විමලාව රැගෙන ගොස් තිබුණේ ය. විමලාද කැමැත්තෙන්ම මහත්තයා සමඟ ගොස් නිදි වැද තිබිණි. එදා විමලා නැවත පැමිණ තිබුණේ රුපියල් දහසක්ද අතැතිවය. විමලා විස්තරය හිඟන්නාට නොවලහා පැවසීය. හිඟන්නා හැඟීම් විරහිතව සියල්ල අසාගෙන සිටියේ ය. විමලා රුපියල් දහස හිඟන්නාට දෙන්නට තැත් කළාය.

"උඹ හම්බකරගත්ත එක උඹ තියාගනින්. මට ඕන උනොත් මම උඹෙන් ඉල්ලන්නම්"
කල් යත්ම විමලා තව බොහෝ මහත්වරුන් සමඟ නිදි වැදුනා ය. ඒ අතරින් සමහර මහත්වරුන් විමලාව සොයාගෙන නැවත නැවත පැමිණුනේ ය. එසේම කල් යත්ම හිඟන්නා විමලාගෙන් මුදල් ඉල්ලා ගැනීමටද පුරුදු වූවේය.

අලුත් ඇඳුම් රැගෙන එන තරුණියන් හිඟන්නාට විමලාව සහ ඉහත සිද්ධී දාමය නැවත නැවත සිහිපත් කරයි.

හිඟන්නා අලුත් ඇඳුම් හැඳගෙන කාමරයට පැමිණියේ ය. තරුණිය යට ඇඳුමින් පමණක් විළි වසාගෙන ඇද මත හිඳගෙන උන්නා ය.

"කෝ විමලා" හිඟන්නා ඇසුවේ නෝක්කාඩු ස්වරයෙනි.
"මැඩම් කිව්ව නිසා තමයි මං ආවේ. නැතුව තමුසෙත් එක්ක බුදියෙන්න මට පිස්සු කියලා හිතුවද?"
හිඟන්නා කිසිත් නොදොඩා තරුණිය දෙස එක එල්ලේ මොහොතක් බලාගෙන සිට ක්ෂණිකව යක්ෂයෙක් ආවේශ වූ ආතුරයෙකු පරිද්දෙන් තරුණිය වෙත පැන්නේ ය. තරුණිය විළි වසාගෙන සිටි යට ඇඳුම් ඇඳ පුරා සී සී කඩ විසිරුනේ ය. උස් වෙමින්, පහත් වෙමින්, ඉස්සෙමින්, පෙරළෙමින්, විවිධ ඉරියව් වලින්, විවිධ හඬවල් වලින්, බොහෝ කාලයක් හිඟන්නා තුල නිධන්ගතව තිබූ රාග විෂ නහර හරහා වේගයෙන් ඇදී එන්නට විය. හිඟන්නාගේ ඇස් පියන් එකිනෙක තද විය.

"කෝ යකෝ විමලා... ! කෝ ඒකි?"
හිඟන්නා ඇඳ මත වැතිරුනා නොව ඇඳ මතට ඇද වැටුණි. තරුණියත් පසෙක ඇඳ මත වැතිර සිටියා ය.

"මං දන්නෑ තමුසේ මැඩම්ගේ කවුද කියලා. මැඩම් මට කිව්ව වැඩේ මම කළා. මං දන්නෙ නෑ එතනින් එහාට දෙයක්" තරුණිය පහත් ස්වරයකින් කීවාය.
හිඟන්නා දහඩියෙන් තෙත් වී සිටියේ ය. ඔහුට නැවත නාගන්නට උවමනා විය. හිඟන්නා කිසිත් නොදොඩා යළිත් නාන කාමරයට ඇතුල් විය. දොර නොවසාම කරාමය හැර ගත්තේ ය.

යළි කාමරයට එන විය තරුණිය මුලින් දුටු අයුරින්ම සැරසී සිටියා ය. ඇය ලස්සන කෙල්ලකැයි හිඟන්නාට සිතුනි. නමුත් ඇගේ අඟ පසඟ විමලාට සමාන නැතැයි ද හිඟන්නාට සිතුනි.

"යමු ත්‍රීවීල් එක ඇවිත්"
තරුණිය හිසකෙස් සකසමින් කීවාය.

"එතකොට විමලා එන්නෙ නෑ?" හිඟන්නා බලාපොරොත්තු සුන් වූ හඩකින් ඇසුවේය.
"මැඩම් එහෙම දෙයක් මට කිව්වේ නෑ. මං දැන් කී පාරක් කිව්වද"
හිඟන්නා කරබාගත්තේ ය. පෙර ත්‍රීරෝද රථය ම නැවත පැමිණ තිබුණේ ය. තරුණියත් හිඟන්නාත් කිසිත් නොදොඩාම හිඟන්නා කලින් සිටි තැනටම ත්‍රී රෝද රථයෙන් පැමිණියේ ය.

"ආ මේක මැඩම් දෙන්න කිව්වා" තරුණිය ලියුම් කවරයක් හිඟන්නා අත තබා ක්ෂණිකව ත්‍රීරෝද රථයේ නැඟී නික්ම ගියා ය.
ලියුම් කවරයේ මුදල් හැර වෙන කිසිවක් නොවීය.

හෙට උත්සව දිනයට ලහි ලහියේ එහෙ මෙහෙ දුවන බොහෝ මිනිස්සු හිඟන්නා ඉදිරියෙන් තබා ඇති කාඩ් බෝඩ් කැබැල්ලට කාසියක් දෙකක් දමා යයි. සෑම උත්සව කාලයකටම හිඟන්නාට මෙය හුරු දෙයකි. හිඟන්නා ඉදිරියේ තබා ඇති කාඩ්බෝඩ් කැබැල්ලට රුපියක් සියයේ නෝට්ටුවක් වැටුනි. හිඟන්නා ස්තූතිය පල කිරීමට හිස ඔසවා මුදල් දැමූ තැනැත්තා දෙස බැලුවේ ය. හිඟන්නා මොහොතකට ගල් ගැසුනි. මුදල් දැමූ නැනැත්තා ද මොහොතකට ගල් ගැසුනි.

"විමලා! ! !" හිඟන්නාගෙන් පිට වූ එකම වචනය එය විය.
ගැහැණිය ක්ෂණිකව හැරී කඩිමුඩියෙන් ආපසු යන්නට විය. හිඟන්නාට සිහි එලවා ගැන්මට මොහොතක් ගත විය. ඔහු එක්වරම නැඟී සිට ගැහැණිය පසුපස යන්නට පටන් ගත්තේය. ගැහැණිය තරමක් ඉදිරියෙන් වෑන් රථයක් අසල සිටි තරුණියන් කීප දෙනෙක් ළඟ නැවතුනා ය.

"නංගිලා නැගපල්ලා බං ඉක්මනට. පරක්කු වෙනවා යන්න"
ගැහැණිය වෑන් රථයේ ඉදිරිපසට ගොඩ වූ අතර තරුණියන් පසුපසට ගොඩ විය.

හිඟන්නා ලං වන්නට ප්‍රථම වෑන් රථය පිටත් විය. ඔහු තවත් මොහොතක් ඈත යන වෑන්‍ රථය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

"ඒකි මහත් වෙලා" හිඟන්නා තමාටම මුමුණා ගත්තේ ය.
මීට අවුරුදු දෙකකට පමණ පෙර දිනෙක රාත්‍රියේ හිඟන්නා පාළු පාරකින් ගමන් කරමින් සිටියේ ය. මැලවුණු වීදි පහන් එළිය මැදින් සෙමින් සෙමින් ගමන් කරමින් සිටියේ ය. පාර අයිනෙන් ඇසුනු සිහින් කෙඳිරිලි හඩක් හිඟන්නාගේ ගමන නවතා දැමීය. හිඟන්නාට මින් පෙරත් දිනෙක එවන් වූ කෙඳිරියක් ඇසුනු බැව් සිහි විය. හිඟන්නාට කෙඳිරිය නොඇසුනු ලෙස ඉවත්ව යන්නට ද සිත් විය. නමුත් ඔහුගේ දෙපා, සිතට එකඟ නොවිනි. එයද පෙර දිනෙක පරිදිම නමුත් කුඩා කළු පෑ පොදියක් මෙන් දිස් විය. එයින් නැඟුනේ මනුෂ්‍ය කෙඳිරිල්ලක් නොවන බැව් හිඟන්නාට ඉක්මනින්ම අවබෝධ විය. එතැන සිටියේ කළු පෑ බලු පැටවෙක්ය. හිඟන්නා තම මල්ලට අත දමා වංගුවේ කඩයෙන් දුන් පාන් කාලෙන් කැබැල්ලක් ඌට දී ආපසු හැරුනේ ය. බලු පැටවා පාන් කැබැල්ල මුව රඳවාගෙනම, අවසරයකින් තොරවම හිඟන්නා පසු පස එන්නට විය. එදා සිට ඒ බැල්ල හිඟන්නා ළඟ නතර වූ වාය. ඈ හමුවීම හිඟන්නාට සිහිපත් කළේ එකම එක හමුවීමකි. එකම එක නමකි. හිඟන්නා බැල්ලට ඒ නම තැබුවේ ය.

ආදරේ කරන්නට, කෝලම් කරන්නට, හුරතල් කරන්නට, තමාගේ දුක් ගැනවිලි පවසන්නට, විහිළුවක් කර හිනැහෙන්නට, තමන්ට සිටින හොඳම මිතුරිය, එකම මිතුරිය, හිඟන්නා පසෙකින් බිම දිගා වී සිටින්නී ය. දුකේ දී ත් සැපේ දී ත් හිඟන්නා අතැර නොයන්නී, ඉඳ හිට කෝලම් කර හිඟන්නාගේ මුහුණ ලෙවන්නී, හිස අතගාද්දී වල්ගය වනන්නී, විමලා ය.

Sunday, August 11, 2013

Sherlock Holmes- ඔබෙන් සමුගනිමි.

 
Download Complete E-Book From Here

Sherlock Holmes- මහ රෑ ආ මාරයා



Download Complete E-Book From Here

Sherlock Holmes- ප්‍රදීපාගාරයේ වික්‍රමය

 
Download Complete E-Book From Here

Sherlock Holmes- සමුදුරේ සටන


 
Download Complete E-Book From Here

Sherlock Holmes- ගින්දර සමඟ සෙල්ලම්

 
 Download Complete E-Book  From Here

Sherlock Holmes- භීෂණයක්.!

 
Download Complete E-Book From Here

Sherlock Holmes- අබිරහස් දොස්තර

 
Download Complete E-Book From Here

Sherlock Holmes- සිව් රහස් සලකුණ


Download Complete E-Book From Here

Sherlock Holmes- අන්තරාය අඩවියක


Download Complete E-Book From Here

Sherlock Holmes- ඉන්ද්‍රනීල මානික්‍යය


Download Complete E-Book From Here

Sherlock Holmes- ලේ සලකුණ


Download Complete E-Book From Here

Sherlock Holmes- ඩ්රැකියුලාට එරෙහිව


Download Complete E-Book From Here

Sherlock Holmes- පුද්ගලිකි රහසිගතයි.


Download Complete E-Book From Here

Sherlock Holmes- කළු ව්‍යාඝයා


Download E-Book From Here

Sherlock Holmes- අවසාන් පරීක්ෂණය



Download Complete E-Book From Here