Search This Blog

Thursday, August 15, 2013

අභිරහස් ලෙස ගමන් කරන ගල් ඇති ප්‍රශේශයක්.!

imageමේ ප්‍රදේශය තමයි කැලිෆෝනියාවේ මලවුන්ගේ නිම්නය. මේ ප්‍රදේශය ආශ්‍රිතව ලොව පුදුමාකාර නොවිසඳුණු අභිරහස් සැඟව පවතිනවා. ඉන් එකක් තමයි යාත්‍රා කරණ පාශාන පිලිබඳ අභිරහස. මේ ප්‍රදේශයේ ඉතාම අභිරහස් ලෙස ගමන් කරනවා. ඒවා පැමිණි මාර්‍ගය යාර සිය ගනනක් ඝන මඩ තට්‍ටුවක් මත පි‍ටුපසට විහිදීතිබෙනවා. බැලූ බැල්මට නම් පෙනී යන්නේ මේවා කවුරුන් හෝ තල්ලු කරගෙන එන්නට ඇති බවයි. ඒත් මේ ගල් කුට්ටි වලින් සමහර ඒවා මිනිසෙකුට තල්ලු කරන් ඒමට බැරි තරම් බරකින් යුක්තයි. ඒ නිසාම මේ යත්‍රා කරන පාශාන පිලිබඳ කතාව පසුගිය දශක කිහිපය පුරාම කතා බහට ලක් වුනා. මලවුන්ගේ නිම්නයේ මේ ගුප්තමය පාශාන එම නිම්නය පුරාවටම දක්නට ලැබෙනවා. විශේශත්වය වන්නේ එහි මිනිසුන් වාසය නොකරන ප්‍රශේශයෙන් පාශාන හමු වීමයි. මේ නිම්නය ග්‍රීශ්මයේදී වියලි ඉරිතලා ගිය මඩ වලින් පිරී යන අතර සිසිර සෘතුවේදී අයිස් වලින් වැසී පවතිනවා. භූ විද්‍යාඥයන් බොහොමයක් රේස්ට්‍රැක් ප්ලයා නමින් හැඳින්වෙන මේ භූමි ප්‍රදේශයේ සෑම තැනක්ම ගවේශනය කර තිබෙනවා.
මලවුන්ගේ නිම්නය පුරා යාත්‍රා කරන මෙම පාශාන ඉතා සුමට භූමිය මතින් ලිස්සා ගොස් තිබෙන්නේ එය පැමිණි මාර්ගය පි‍ටුපසින් සටහන් කරමින්. සමහර භූ විද්‍යාඥයින් පවසන්නේ මේ ගුප්තමය යාත්‍රික පාශාන මලවුන්ගේ නිම්නය තුල ගමන් කිරීමට එහි මඩ තට්‍ටුව උපයෝගී කරගන්නා බවයි. මඩ තෙත් බවින් යුක්ත වූ විට සහ ගල් කුට්ටි වල කුඩා අයිස් බිඳිති ‍රැඳී තිබෙන විට සුලඟේ උපකාරයෙන් ඒවාට ගමන් කල හැකි බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මේ අදහස මුලුමනින්ම ඇත්තක් ලෙස පිලිගැනීමේ හැකියාවක් නෑ. ග්‍රීස්මයේදී පවා මෙම ගල් කුට්ටි ගමන් කරන අතර ඒ කාලයේදී පාශාන පවා වියලී යන තරමට උශ්නත්වය ඉහල අගයක තිමීට ඊට හේතුවයි. මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන අභිරහස් පාශාන සුමට භූමිය මත ලිස්සා යනවා පමණක් නොව භූමිය යම් තරමකට හෑරීමෙන් සෑදෙන නොගැඹුරු පථයක්ද සාදනු ලබනවා.
මෙම ක්‍රියාවලියේ ඇති තවත් ප්‍රහේලිකාවක් වන්නේ ඒවායේ ගමන් කිරීම ආරම්භයේදීම, ඒවා සියල්ලම පාහේ සමාන්තර දිශාවකට යොමුව පැවතීමයි. වසර ගනන්ක් ගතවන විට එක් එක් පාශාන ඒවාටම අයත් මාර්ගයක ගමන් කර තිබෙන බව පෙනී යනවා. සමහර පාශාන සෘජු රේඛාවක් ලෙස චලනය වී තිබෙනවා. සමහර ඒවා ඕවලාකාර හැඩයක ගමන් කර තිබෙනවා. ඒ අතර තවත් සමහර ඒවා ගමන් කර ඇත්තේ ‍රැලි සහිත මාර්ගයකයි. කිසිම කෙනෙකු මේවා ගමන් කරන ආකාරය දැක නැති අතරම, කිසිවෙකු ඒවා කෙතරම් වේගයකින් ගමන් කරන්නේද යන්න පිලිබඳව දැනුවත් වී නෑ. මේ අභිරහස් පාශාන මලවුන්ගේ නිම්නයේ සමතල භූමි ප්‍රදේශයට පැමිණි විට ගමන් මාර්‍ගය වෙනස් කර තිබෙනවා. මේ නිසා පාශානය පි‍ටුපසින් මාර්ග කීපයක් දක්නට ලැබෙනවා. සමහර පාශාන අනෙක් ඒවාට වඩා වසර පහක් හෝ හයක් පමණ ඉදිරියට ගමන් කර තිබෙනවා. මේ යාත්‍රා කරන පාශාන සෑම වසර දෙකකට හෝ තුනකට පමණක් ගමන් කරන බව පැවසෙනවා. එමෙන්ම ඒවායින් නිර්මානය වන මාර්ගයද වර්ධනය වීමට වසර තුනක් හෝ හතරක් ගත වෙනවා. තවත් වැදගත් කරුනක් වන්නේ මේ පාශාන නිර්මානය වී ඇත්තේ අඩි 850ක් පමණ උසැති උස් පර්වතවල වීමයි. ඒවායේ අඳුරු හුණුගලෙන් මෙම සමහර පාශාන නිර්මානය වී තිබෙනවා. නමුත් සමහර ඒවා යාබද බෑවුම් වල පිහිටි ආග්නේය පාශානයෙන් නිර්මානය වී ඇති බව පෙනී යනවා. පාශාන ගමන් කිරීමෙන් සෑදුනු පථ නිතරම අඩි 10 සිට සිය ගනනක් දක්වාවූ දිගින් දක්නට ලැබෙනවා. සුළු ප්‍රමානයෙන් අඟල් 12ක් පමණ පලළින් යුක්තයි. එමෙන්ම සාමාන්‍යයෙන් 2.51 CM ක් පමණ ගැඹුරින් යුක්ත වෙනවා.
සමහර භූ විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම පාශාන භූමිය මත ගමන් කිරීමට පහත ආකාරයේ විශේෂිත තත්වයන් සමබරව පැවතිය යුතුයි.

  • ජලයෙන් සංතෘප්ත, එහෙත් පිටාර නොගිය මතු පිටක්
  • තුනී මැටි ස්තරයක්
  • ආරම්භක බලයක් ලෙස ඉතා ප්‍රබල සැඩ සුලඟක්
  • පාශාන ගමන් කිරීම සඳහා ප්‍රබල ස්ථාවර සුලඟක්
මේ සියළු තත්ත්ව සමබර වූ විට මේ පාශාන වලට ගමන් කල හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඒ වගේම මේ අභිරහස සඳහා විවිධ මත කිහිපයක්ද ඉදිරිපත් වී තිබෙනවා. ඒත් කිසිවෙකුත් හරි හැටි දැක නැති, කිසිවෙකුට තවමත් නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුනු මලවුන්ගේ නිම්නයේ යාත්‍රා කරන පාශාන පිලිබඳ සිදුවීම තාමත් පවතින්නේ නොවිසඳුණු අභිරහසක් ලෙසයි.

No comments:

Post a Comment