Search This Blog

Thursday, August 15, 2013

බර්මියුඩා හෙවත් යක්‌ෂයාගේ ත්‍රිකෝණය



ලෝකයේ ඇතැම් සිද්ධීන් අබිරහස්‌ ලෙසින් අප අතර පරපුරෙන් පරපුරට ජීවත් වේ. විටෙක මෙම සිද්ධීන් විද්‍යාත්මක ලෙසින් ගලපන්නට වෑයම් කරති. එවිට විද්‍යාත්මක හේතුන් හමුවේ ඇතැම් සිද්ධීන් සනාථ වෙනු ඇත. ඇතැම් සිද්ධීන් එලෙස සහේතුක ලෙසින් සනාථ කරන්නට අපහසු වෙනු ඇත. මෙලෙස විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවය ඔස්‌සේ සනාථ කර ගැනීමට අපහසු සිද්ධීන් මිථ්‍යාවන් එසේත් නැතහොත් නොවිසඳුන අබිරහස්‌ ලෙසින් අප අතර ජීවත් වෙනු ඇත.
බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ සිද්ධියද එවැන්නකි. බර්මියුඩාව ලෙසින් හඳුන්වන්නේ අත්ලාන්තික්‌ සාගරයේ බර්මියුඩාව, ඇමරිකාවේ ෆොලරිඩාව සහ බ්‍රසීලයේ පෝටරිකාව ඇතුලත් ත්‍රිකෝණාකාර බිම් කොටසකි. මෙම ප්‍රදේශය කිලෝමීටර් මිලියන 1.2 ක්‌ විශාලත්වයකින්ද යුක්‌තය. තවත් අදහසකට අනුව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් අදහස්‌ කරන්නේ ෆොලිරිඩා සමුද්‍ර සන්ධිය, බහමා දූපත්, නැගෙනහිර අත්ලාන්තික්‌ සිට ඇසෝර් දක්‌වා ප්‍රදේශය ආවරණය වන කලාපයයි. බර්මියුඩා ත්‍රිකෝණ ලක්‌ෂයන් ලෙස සැලකෙන්නේ මියාම් , ශාන්ත ජුවන් , පෝටරිකෝ හා මධ්‍ය අත්ලාන්තික්‌ දූපත වූ බර්මියුඩාවයි. මෙම කලාපයේ 1945 වර්ෂයේ පටන් අතුරුදන් වී ඇති නැව් සංඛ්‍යාව 250 ක්‌ද, ගුවන්යානා සංඛ්‍යාව 300 ක්‌ද මිනිස්‌ ජීවිත සංඛ්‍යාව 1000 ක්‌ පමණ වේ. ඉතාම අබිරහස්‌ ලෙස සිදුවෙන මෙම අතුරුදන් වීම නිසාම මෙම කලාපය යක්‌ෂයාගේ ත්‍රිකෝණය , යක්‌ෂයාගේ මුහුද ලෙසින් හඳුන්වනු ලැබේ. මෙම කලාපයෙහි වූ අසාමාන්‍ය චුම්බක විෂමතාවය නිසා මේ අන්දමට දිශාව පිළිබඳව ඇති කරන අවුල් සහගත බව ගුවන්යානාවන්ගේ අනතුරට හේතුවන බව මේ ගැන අධ්‍යයනයෙහි යෙදෙන පර්යේෂකයන් සඳහන් කරද්දී ඊට ප්‍රති විරුද්ධ අදහස්‌ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ එසේ නම් මෙම කලාපයට ප්‍රවේශවන සෑම ගුවන්යානාවකටම එම සංසිද්ධිය අදාළ විය යුතු බවයි. නමුත් විටින් විට සිදුවන මෙම අතුරුදන් වීමෙන් පසු ඒවායේ අවශේෂයන් අධි තාක්‌ෂණ පරිලෝකන මගින් හඳුනා ගැනීමට හැකි යුතු බවයි. නමුත් මේසේ අතුරුදන් වුණ එකදු ගුවන්යානාවකවත් නෂ්ටාවහේෂයන් තවමත් හඳුනාගැනීමට කිසිවෙකුදු සමත්ව නැත. අතුරුදන් වීමට පත් සියලුම යානාවන්හි යානය සහ පාලක මැදිරිය අතර වූ සන්නිවේදනයේදී දන්වා සිටින පනිවිඩයද බෙහෙවින් සමානය. සෑම නියමුවෙක්‌ම සඳහන් කරන්නේ මගේ යානය දෙසට අස්‌වාභාවික හැඩයක්‌ සහිත වස්‌තුවක්‌ පැමිණෙන බවයි. තවත් නියමුවන් දැක ඇත්තේ තමාගේ යානය අවට ඇති දූවිලි වලාවකි. අතුරුදන් වෙන සෑම යානාවක්‌ම පාලක මැදිරියට දන්වා සිටි අවසාන පණිවිඩය වූයේ මෙයයි.

බර්මියුඩා ත්‍රිකෝණයේදී සිදු වුන මුල්ම අබිරහස්‌ අතුරුදන් වීම 1945 වර්ෂයේ දෙසැම්බර් 18 වන දින ඇමරිකාවට අයත් T.M.B යානා අටක්‌ එක්‌ වරම අතුරුදන් වීමේ සිද්ධියට සම්බන්ධ වේ. මෙ අනතුරෙන් පසුව ඒ පිළිබඳව සොයන්නට චාල්ස්‌ ටේලර් සමග F.T 87 යානාව පිටත් කරන ලදී. මෙම යානයද එක්‌වරම අතුරුදන් වූ අතර චාල්ස්‌ ටේලර් අවසාන වරට සඳහන් කර ඇත්තේ මගේ යානය දෙසට අස්‌වාභාවික වස්‌තුවක්‌ පැමිනෙනවා. දැන් මගේ යානය මගේ හෛයවීමෙන් ගිලිහි අවසානයිs...... යන්නයි. එතැන් සිට මෙම යානයට සිද්ධ වූයේ කුමක්‌දැයි දැන ගැනීමට නොහැකි විය.1963 අගෝස්‌තු මාසයේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් k.C 135 යානයද මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණයේදී අබිරහස්‌ ලෙසින් අතුරුදන් විය.

ගුවන්යානා පමණක්‌ නොව මෙ කලාපයේ අතුරුදන් වුන නෞකාවන්ගේ තත්වයද එසේය The Marine Sulphur Queen නෞකාව මීටර් 800 ක්‌ දිගැති වූ අතර එය අතුරුදන් වූයේ සිය ගණනක සෙනග සමගය. ටොන් 10,950 ක්‌ බරින් යුක්‌ත වූ U. S Cyclon මගී ප්‍රවාහන නෞකාවද ඉතාම අනපේක්‌ෂිත ලෙසින් මෙම කලාපයේදී අතුරුදන් විය. තවත් වතාවකදී මිනිසුන් හය දෙනෙක්‌ද, බල්ලෙක්‌ සහ ගිරවෙක්‌ද රැගත් ගිය බෝට්‌ටුවක්‌ අතුරුදන් වුවද මනිසුන් හය දෙනා සහ බල්ලා පිළිබඳව කිසිදු කොටසක්‌ හඳුනා ගත නොහැකි වුවද ගිරවා මියගොස්‌ තිබුණේ කම්පනයෙන් බව අනාවරණය විය.

බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව සිදු වෙන මෙම අතුරුදන් වීම පිළිඳව මාධ්‍යයන් තුළ උනන්දුක්‌ ඇති කරන ලද්දේ 1950 වර්ෂයේදී එඩ්වඩ් වෑන් වින්කල් (Edward
Van Vincle) විසින්ය. 1952 වර්ෂයේදී ජෝර්ජ් සෑන්ඩ් විසින් මෙම අතුරුදන් වීම අළලා මාධ්‍යයන්ගේ අවදානය යොමු කරන ලදී. අතුරුදන් වුන Flight 19 ගුවන්යානය ගැන ඔහුගේ අදහස වෙනුවෙන් පිලිතුරු දුන් නාවික හමුදාව සඳහන කළේ අපේ යානය අඟහරු ලෝකයට ඉගිලී ගිය බවයි.1964 වර්ෂයේදී වින්සන්ට්‌ ගැඩ්ඩිගේ අදහස වුයේ බර්මියුඩා ත්‍රිකෝණය අවට වූ මෙම අතුරුදන් වීමේ සිද්ධීන් තුළ කිසියම් අස්‌වාභාවිකත්වයක්‌ තිබෙන බවයි.

ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ පුස්‌තකාලයාධිපති ලෝරන්ස්‌ ඩේවිඩ් කුෂ්ගේ අදහස වූයේ මෙම කලාපය ආශ්‍රිත වූ කාලගුණික සිද්ධීන් නිසා මෙම අනතුරු වලට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්‌ථාව ඇති බවයි.නමුත් ඔහුගේ ගැලපීම තුළ වූයේ සාමාන්‍ය කාලගුණ සිද්ධීන් පමණක්‌ නිසා මෙම අදහස පිළිගැනීමට පර්යේෂකයන් එකඟ වූයේ නැත. තවත් අදහසක්‌ අනුව පෙන්වා දෙන්නේ ශතවර්ෂ ගණනාවකට පෙර ගිලී ගිය ඇට්‌ලාන්ට්‌ස්‌ මහාද්විපගත ශිෂ්ටාචාරයේ අවශිsෂ්ට මෙම සිද්ධීන්ට හේතු වෙන බවයි. ඇට්‌ලාන්ටිස්‌ මහාද්විපගත ශිෂ්ටාචාරයේ බිමිනි මාවත නම් වූ ආකෘතිමය පිහිටීමක්‌ බහමා දූපත් වලට අයත් එක්‌ Qදූපතක්‌ බිමිනි ලෙසින් නම් කිරීමේදී කිසියම් සමානතාවයක්‌ ඇති බවයි. මේ අතර පිටසක්‌වල ජීවින් පෘථිවි වැසියන් ග්‍රහනයට පැමිණෙන දොරටුවක්‌ බර්මියුඩා ත්‍රිකෝණය තුළ පිහිටා ඇති බව මෙම සිද්ධිය අබිරහසක්‌ ලෙස දක්‌නට කැමති පිරිස විසින් සඳහන් කර සිටී. බර්මියුඩා ත්‍රිකෝණය අබිරහසක්‌ නොවන තැනටද කරුනු ගෙන හැර දක්‌වන පර්යේෂකයන්ගේ අදහස්‌ මෙසේය.

බර්මියුඩා ත්‍රිකෝණය ඇසුරින් වූ කලාපයේ චුම්බක විෂමතාවයක්‌ ඇත්නම් ඒ ගැන ගුවන් ගමන් කරන්නන් දැනුවත් කිරීම අවශ්‍යයි. නමුත් මෙම කලාපයේ ඇති ගැටලුව නොදන්නා අයෙක්‌ බර්මියුඩා ත්‍රිකෝණයට ප්‍රවේශ වීමෙන් සිදු වන අනතුරු අබිරහස්‌ ලෙස සැලකීමට ඔවුන්ගේ අවසරය නොලැබෙන බව සඳහන් කර සිටී.

නාවික ගමනාගමනයේදී චුම්බක උතුර සහ භුගෝලීය උතුර නිවැරැදිව හඳුනා ගැනීම අවශ්‍යයි. මෙය නාවික ගමනාගමනයේ යෙදෙන්නන් විසින් නිවරැදිව තෝරා බේරා ගත්තද හදිසියේ හෝ ඒ පිළිබඳව නිවැරැදිව තීරණය ගැනීමට අපහසු අවස්‌ථාවන්ද නොමැතිවාම නොවෙයි. එවන් අවස්‌ථාවකදී නැවක්‌ අනතුරට පත් වීම අබිරහසක්‌ ලෙසට ගැලපීම සාධාරණ නොවන බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

මුහුදු කොල්ලකරුවන් විසින් නැව් මුහුදු බත් කිරීම ගැන බොහෝ කතන්දර අනාදිමත් කාලයක සිට අප අසා ඇත. බටහිර පැසිපික්‌, ඉන්දියන් සාගරයේදී නැව් මුහුදුබත් කරන ලද කොල්ලකරුවන්ගේ සිද්ධීන් තුළ බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතවද එවන් සිද්ධීන් ඇති නොවන්නේ යෑයි සහතික විය නොහැකි නිසා මෙම සිද්ධීන් අබිරහසක්‌ නොවන බවටත් කරුනු ඉදිරිපත් කරනු ලබනවා.

ගල්ෆ් ප්‍රවාහය වැනි දියවැල් මගින්ද නැව් ගමනාගමනයට අතුරු ආන්තරාවන් සිදු වීමට තිබෙන ඉඩ ප්‍රස්‌ථාව ඉහළයි. මෙක්‌සිකෝ සමුද්‍රවංකයෙන් ආරම්භ වි ෆොලරිඩාව හරහා උතුරු අත්ලාන්තික්‌ සාගර කලාපයට ගමන් කරන මෙම දියවැලෙහි පෘෂ්ටික ප්‍රවේගය තත්පරයට මීටර් 2.5 ක්‌ පමණ වේ.

යාන්ත්‍රික දෝෂ මගින්ද නැව් ගමනාගමනයේදී අනතුරු සිදු විමට ප්‍රස්‌ථාවන් ඇත. 1972 වර්ෂයේදී V. A Fog නෞකාව අනතුරට පත් වන්නට හේතු වී ඇත්තේ වාෂ්පශීලි බෙන්සින් සාගර ජලයට මිශ්‍ර වීම නිසාය. මීතේන හයිෙඩ්‍රට මගින් ජලයේ ඝනත්වය අඩු වන විටත් නැව් ගිලෙන්නට ඇති අවස්‌ථාව ඉහළය. ඕස්‌ටේ්‍රලියාව මේ පිළිබඳව සිදු කරන ලද අධ්‍යනයන්හිදී ආකෘතින් නිර්මාණය කොට ජලයේ ගිල්වා පෙන්නුම් කළේ පෙන සහිත ජල කලාපයන්හිදී නැව් ගිලා බසින්නට ඇති ශිඝ්‍රතාවය ඉහළ බවයි.

මේ අන්දමට බර්මියුඩා ත්‍රිකෝණය ඇසුරෙහිදී නැව් සහ ගුවන්යානාවන් අනතුරට පත් වීම විටෙක විද්‍යාත්මක ලෙසින්ද තවත් විටෙක අනෙකුත් සාධක අතරද දෝලනය වෙමින් ලෝකයේ විස්‌තර නොහැකි අබිරහස්‌ ලැයිස්‌තුවට බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලත් කොට ඇත.

- දිවයින-

No comments:

Post a Comment