“Penenana Nopenena Duraka Indan” by Athma Liyanage.
Title Penena Nopenena Duraka Idan ( Ayemath Adaren)
Artist/s Athma Liyanage Thilina Ruhunage
Lyrics Rachitha Vakista
Music Thilina Ruhunage

❀❀❀❀❀❀❀❀❀❀❀ පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව. ❀❀❀❀❀❀❀❀❀❀
කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්. එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා. ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’. මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන් දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.
නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස.. ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා.. ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ? මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා.. එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..



ලෝකයේ
ඇතැම් සිද්ධීන් අබිරහස් ලෙසින් අප අතර පරපුරෙන් පරපුරට ජීවත්
වේ. විටෙක මෙම සිද්ධීන් විද්‍යාත්මක ලෙසින් ගලපන්නට වෑයම්
කරති. එවිට විද්‍යාත්මක හේතුන් හමුවේ ඇතැම් සිද්ධීන් සනාථ වෙනු
ඇත. ඇතැම් සිද්ධීන් එලෙස සහේතුක ලෙසින් සනාථ කරන්නට අපහසු වෙනු
ඇත. මෙලෙස විද්‍යාත්මක හේතු ඵල සම්බන්ධතාවය ඔස්‌සේ සනාථ කර
ගැනීමට අපහසු සිද්ධීන් මිථ්‍යාවන් එසේත් නැතහොත් නොවිසඳුන
අබිරහස් ලෙසින් අප අතර ජීවත් වෙනු ඇත.
මිහිදන්
කිරීම් සිදු වූ වකවානුව නිශ්චිතව කිව නොහැකි නමුත් ඒවා දහසය වන සියවසේදී
පමණ සිදු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. කෙසේවුවද මෙයාකාරයේ පිසාච මළසිරුරු
හමුවූ ප්‍රථම අවස්ථාව නම් මෙය නොවේ. මීට වසරකට පෙරදීද බල්ගේරියාවේ
සොසෝපොල් නුවර වූ ආරාමයක් අසලදී සිදුකෙරුනු කැණීම්වලදී පිසාච ඇටසැකිලි
දෙකක් සොයා ගැනුණු අතර බල්ගේරියානු ජාතික කෞතුකාගාරයේ ප්‍රධානියා වන
‘බොසිඩාර් දිමිකේරාව්’ පවසන ආකාරයට ඉකුත් වසර කීපය තුළදී බල්ගේරියාව
තුළින් පමණක් සොයා ගනු ලැබූ වැම්පර ඇටසැකිලි ගණන සියය ඉක්මවන අතර මෙලෙස මළ
සිරුරුවල හිස කඳින් වෙන් කොට මිහිදන් කිරීම විසිවන සියවසේ මුල්භාගය තෙක්ම
බල්ගේරියානු ගම්මානවල අනුගමනය කෙරුනු සම්ප්‍රදායකි. ජීවත් වන්නවුන්ගේ
රුධිරයෙන් පවස නිවා ගැනීමට මළවුන්ගෙන් නැගිට එන පිසාචයන් පිළිබඳ වන
පුරාණෝක්ති වසර දහස් ගණනක අතීතයට දිවයන්නක් වන නමුදු අදටද නැගෙනහිර
යුරෝපයේ පිටිසරබද හුදකලා ගම්මානවල වෙසෙන්නවුන් පිසාචයන් කෙරෙහි දක්වන
බියෙහි අඩුවක්ව නොමැත. පිසාචයන් පලවා හැරීමේ බලයක් ඇති බවට විශ්වාස කෙරෙන
සුදුලූනු හා කුරුසියන් මොවුන් අතර සුලබව භාවිතා කෙරේ.
සමග
පිසාචයන් කෙරෙහි වූ බිය දෙගුණ තෙගුණ ලෙසින් අත්දැකි මධ්‍යකාලීන
යුරෝපීයයන්, ඇතැම් විටක සිය මළවුන් මිහිදන් කරන ලද්දේ මළ සිරුරේ මුවතුළට
ඔබ්බවන ලද ගඩොල් කැට සමගය. ඒ මරණයෙන් නැගිට සෙසු මළසිරුරු බුදීම
වැළැක්වීමටය. පිසාචයයකු පිළිබඳ කියැවෙන රසවත් පුරාණෝක්තියක් හමුවන්නේ
දොළොස්වන සියවසේ ස්කොට්ලන්ත දේශසීමාවේ විසූ බව කියැවෙන කාන්තාවක විසින් කළ
විස්තරයකිනි. දින කීපයකට පෙරදී මෙල්රෝස් දේවස්ථාන භූමියේ මිහිදන් කරන ලද
මියගිය පූජකයකු තමාව බියපත් කරන බවට ඇය විසින් එල්ල කළ චෝදනාවල ප්‍රතිඵලයක්
ලෙස පූජකයාගේ සොහොන හාරා බැලූ සෙසු පූජකයන්ට දැක ගත හැකිවූයේ අදහාගත
නොහැකි බියකරු දර්ශනයකි. සිරුර නැවුම් ලෙයින් තෙත්ව තිබූ අතර, ජීවත්ව සිටින
කාලයේදී ආගමික වගකීම් පැහැර හැරියෙකු ලෙස ප්‍රකටව සිටි එකී පූජකයාගේ සිරුර
වහා පුළුස්සා දැමීමට පසුව පියවර ගැනිණි.
පමණක්
නොව අපගේ පුරාණ කලා ශිල්පවල හා චාරිත්‍ර වාරිත්‍ර චර්යාධර්මවල අසිරිමත්
බව ලොවට විදහා දක්වන සාම්ප්‍රදායික අති උත්කර්ෂවත් මහා කලා මංගල්‍යයක්
වශයෙන් ලොව ප්‍රකටය.
























